එවිට සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස්වූ සේක.
නික්මයාම 9:23 - Sinhala New Revised Version 2018 ඔහු තම සැරයටිය අහස දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ මේඝ ගර්ජනා ද, ගල් වර්ෂා ද එවූ සේක. පොළොව මත ගිනි පතිත විය. මුළු මිසර දේශයට ම උන් වහන්සේ ගල් වර්ෂාව වැටෙන්නට සැලැසූ සේක. Sinhala New Revised Version ඔහු තම සැරයටිය අහස දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ මේඝ ගර්ජනා ද, ගල් වර්ෂා ද එවූ සේක. පොළොව මත ගිනි පතිත විය. මුළු මිසර දේශයට ම උන් වහන්සේ ගල් වර්ෂාව වැටෙන්නට සැලැසූ සේක. Sinhala Revised Old Version මෝසෙස් තමාගේ සැරයටිය අහස දෙසට දිගුකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව එවූසේක, ගින්න පොළොව පිට වැටුණේය; ස්වාමීන්වහන්සේ මිසර දේශය පිටට ගල් වර්ෂාව වැස්සෙවුසේක. |
එවිට සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස්වූ සේක.
දඬුවමක් වශයෙන් හෝ පොළොව සරුසාර වන පිණිස හෝ දිව්‍ය කරුණාවේ ලකුණක් වශයෙන් හෝ මේ සියල්ල සිදු වෙයි.
ගිනි හා ගල් වැහි වලාවෙනි, හිම හා වාෂ්පයෙනි, එතුමාණන්ගේ අණ ඉටු කරන මාරුතයෙනි, පොළොවේ සිට සමිඳුන් පසසන්න.
සමිඳාණෝ අහස් කුසෙහි ගිගුරුම් දුන් සේක. මහෝත්තමයාණෝ සිය හඬ නික්මවූ සේක. එවිට ගල් වැසි හා ගිනි අඟුරු නික්මිණි.
සමිඳාණන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ. ජල මතුයෙහි වැඩ වසන මහිමාන්විත හිමි සමිඳාණෝ ගර්ජනා කරන සේක.
ඔබේ හෙණ හඬ අහස් කුසේ ගිගුම් දිනි. විදුලි කෙටීම් ලොව එළි කෙළේ ය. පොළොව කම්පා වී දෙදරා ගියේ ය.
තුන් වන දවස උදා වූ විට කන්ද මත මේඝ ගර්ජනා හා විදුලි කෙටීම් ද, ඝන වලාකුළක් ද, තද හොරණෑ හඬක් ද විය. කඳවුරේ සිටි සියලු සෙනඟ වෙව්ලන්නට වූ හ.
මුළු සෙනඟ මේඝ ගර්ජනා හඬ සහ හොරණෑ ශබ්දය අසා, විදුලි කෙටීම් සහ දුම් දමන කන්ද දැක බියෙන් වෙව්ලමින්, බොහෝ ඈතින් සිටගත්හ.
බලන්න, හෙට මේ වේලාවට පමණ, මිසරයේ ආරම්භයේ සිට අද දක්වා, එහි නුවූ විරූ, ඉතා දරුණු ගල් වර්ෂාවක් මම වස්වන්නෙමි.
මෙලෙස ඉතා වේගවත් ලෙස ගල් වර්ෂා ද ගල් වර්ෂා සමඟ විදුලි කෙටීම් ද විය. මෙවැන්නක් මුළු මිසර දේශය පුරා එම රට ජාතියක් වූ දින සිට කවදා වත් සිදු නොවිණි.
සමිඳාණන් වහන්සේ තමන්ගේ මහිමාන්විත හඬ සියල්ලන්ට ඇසෙන්නට සලස්වා තමන්ගේ උදහසේ තද පරුෂකම සියල්ලන්ට දැනෙන්නට සලස්වන සේක. එවිට ගිනි දලු ද ධාරානිපාත වර්ෂාව ද වැහි කුණාටු ද ගල් වර්ෂා ද ඇති වන්නේ ය.
මම වසංගතයෙන් ද ලේ වැගිරීමෙන් ද ඔහුට දඬුවම් කරන්නෙමි. ඔහු සහ ඔහුගේ හමුදාවන් ද ඔහු සමඟ සිටින බොහෝ ජාතීන් ද පිට මොරසූරන වැහි ද මහා ගල් වර්ෂාවක් ද ගිනි ද ගෙන්දගම් ද වස්වන්නෙමි.
තවද, ඔවුන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පලා යද්දී, අශේකා දක්වා බෙත්-හෝරොන් පල්ලමේ දී සමිඳාණන් වහන්සේ අහසෙන් විශාල ගල් ඔවුන් පිට හෙළූ සේක; එයින් ඔව්හු මැරුණෝ ය. ගල් වර්ෂාවෙන් නැසුණු අය, ඉශ්රායෙල්වරුන් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූ හ.
විදුලිය කෙටීම් ද ශබ්ද ද හෙණ හඬ ද විය. මහා භූමිකම්පාවක් ද විය. පොළොවේ මනුෂ්‍යයන් බිහි වූ දා පටන් ඒ සා බලවත්, මහා භූමිකම්පාවක් ඇති නො වී ය.
අහසින් මහත් ගල් වර්ෂාවක් මනුෂ්‍යයන් පිට වැස්සේ ය. එහි එක එක ගල කිලෝග්‍රෑම් පණහක් පමණ බර විය. ඒ ගල් වර්ෂා වසංගතය එතරම් දරුණු වූ බැවින් මනුෂ්‍යයෝ දෙවියන් වහන්සේට සාප කළහ.
පළමු වන දේව දූතයා හොරණෑව පිම්බේ ය. එවිට ලේ මුසු ගල් වර්ෂාවක් ද ගිනි ද හටගෙන පොළොව පිට හෙළනු ලැබී ය. පොළොවෙන් තුනෙන් කොටසක් දැවී ගියේ ය. ගස්වලින් තුනෙන් කොටසක් ද දැවී ගියේ ය. අමු තණකොළ සියල්ල ද දැවී ගියේ ය.