Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 9:23 - Sinhala Revised Old Version

23 මෝසෙස් තමාගේ සැරයටිය අහස දෙසට දිගුකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව එවූසේක, ගින්න පොළොව පිට වැටුණේය; ස්වාමීන්වහන්සේ මිසර දේශය පිටට ගල් වර්ෂාව වැස්සෙවුසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔහු තම සැරයටිය අහස දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ මේඝ ගර්ජනා ද, ගල් වර්ෂා ද එවූ සේක. පොළොව මත ගිනි පතිත විය. මුළු මිසර දේශයට ම උන් වහන්සේ ගල් වර්ෂාව වැටෙන්නට සැලැසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඔහු තම සැරයටිය අහස දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ මේඝ ගර්ජනා ද, ගල් වර්ෂා ද එවූ සේක. පොළොව මත ගිනි පතිත විය. මුළු මිසර දේශයට ම උන් වහන්සේ ගල් වර්ෂාව වැටෙන්නට සැලැසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 9:23
22 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ අහසෙහි ගර්ජනා කළසේක, මහෝත්තමයාණෝද තමන් හඬ නිකුත්කළසේක; ගල්වැසිද ගිනි අඟුරුද විය.


තවද ඔවුන් ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලායද්දී, බෙත්-හෝරොන් පල්ලමේදී, අසේකා දක්වා ස්වාමීන්වහන්සේ අහසෙන් මහත් ගල් ඔවුන් පිටට හෙළූසේක, එයින් ඔව්හු මැරුණෝය. ගල් වැස්සෙන් නැසුණු අය වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූහ.


මම වසංගතයෙන්ද ලෙයින්ද ඔහු සමඟ විනිශ්චයට පැමිණ, ඔහු සහ ඔහුගේ සමුදාවන්ද ඔහු සමඟ සිටින බොහෝ ජනයන්ද පිටට ජලධාරාවන් සහ මහත් ගල් වර්ෂාවක්ද ගිනිද ගෙන්දගම්ද වස්වන්නෙමි.


ස්වාමීන්වහන්සේද තමන්ගේ මහිමාන්විත හඬ අස්වනසේක, උන්වහන්සේ තමන් කෝපයේ උදහසත් දවා දමන ගිනිදළුවත් වාතවේගයත් කුණාටුවත් ගල් වර්ෂාවත් ඇතිව තමන් හස්තයේ පහළවීම පෙන්වනසේක.


පළමුවෙනියා පිම්බේය, එවිට ලෙයින් මිශ්‍රවූ ගල්වර්ෂාවක්ද ගිනිද හටගෙන පොළොව පිට හෙළනු ලැබුවේය. පොළොවෙන් තුනෙන් පංගුවක් දාලා ගියේය, ගස්වලින් තුනෙන් පංගුවක් දාලාගියේය, සියලු අමු තණකොළද දාලාගියේය.


ගිනි සහ ගල් වර්ෂාවෙනි, හිම සහ වාෂ්පයෙනි, උන්වහන්සේගේ ආඥාව ඉෂ්ටකරන මාරුතයෙනි,


ඔබගේ ගර්ජනා ශබ්දය සුලි හුළඟෙහි විය; විදුලිද ලෝකය ආලෝකකෙළේය. පොළොව සෙලවී කම්පාවූවාය.


ස්වාමීන්ගේ ශබ්දය ජල මතුයෙහිය මහිමයෙන් යුක්තවූ දෙවියන්වහන්සේ, එනම් ජල රාශි මතුයෙහි වැඩසිටින ස්වාමීන්වහන්සේ ගර්ජනා කරනසේක.


අහසෙන් මහත් ගල්වර්ෂාවක්ද මනුෂ්‍යයන් පිටට වැස්සේය, එහි එක එක ගල තලෙන්තයක් පමණ බරය. මනුෂ්‍යයෝ ගල්වර්ෂාවේ පීඩාව නිසා දෙවියන්වහන්සේට අපහාසකළෝය; මක්නිසාද එහි පීඩාව ඉතා මහත්විය.


මුළු සෙනඟ ගිගුරුම්ද විදුලිද හොරණෑ ශබ්දයද කන්දෙන් දුම් නැගීමද දුටුවෝය. සෙනඟ ඒ දැක වෙවුලමින් දුරින් සිට,


තුන්වෙනි දින උදය වූ කල ගිගිරුම්ද විදුලිද කන්ද පිට ඝන වලාකුළක්ද ඉතා තද හොරණෑ ශබ්දයක්ද විය; එවිට කඳවුරෙහි සිටිය මුළු සෙනඟ වෙවුලුවෝය.


විදුලිද ශබ්දද ගර්ජනාද විය; මහත් භූමිකම්පාවක්ද විය, පොළොවේ මනුෂ්‍යයන් සිටි දා පටන් එපමණ බලවත්වූ මහත්වූ භූමිකම්පාවක් වුණේ නැත.


එවිට ස්වාමීන්වහන්සේ සොදොම පිට සහ ගොමොරා පිට ස්වාමීන්වහන්සේ වෙතින් අහසෙන් ගෙන්දගම් සහ ගිනිද වස්වා


බලව, හෙට මේ වේලාව පමණේදී මිසරය පිහිටෙවු දා පටන් මේ දක්වා නුවූ ආකාර භයානක ගල් වර්ෂාවක් වස්වන්නෙමි.


මෙසේ මිසර දේශය ජනපදයක්වූ පසු එහි කොතැනකවත් නුවූලෙස ඉතා තද ගල් වර්ෂාවද ගල් වර්ෂාව හා මිශ්‍රව ගිනිද වැස්සේය.


උන්වහන්සේ ඒවාට අණකරන සියල්ලම මිනිස් වාසයවූ ලෝකය මතුපිට එයින් සිද්ධවෙන පිණිස, ඒවා උන්වහන්සේගේ නියමය ප්‍රකාර හැම දිශාවලට හැරී යන්නෝය.


ස්වකීය හිම කැට කැබෙලි කොට වීසි කරනසේක. උන්වහන්සේගේ ශීත හමුවෙහි සිටින්ට පුළුවන් කාටද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්