නික්මයාම 40:10 - Sinhala New Revised Version 2018 දවන යාග පූජාසනය ද එහි සියලු උපකරණ ද තෙලින් ආලේප කොට, පූජාසනය කැප කළ යුතු වේ. මෙලෙස එම පූජාසනය අතිශුද්ධ එකක් වනු ඇත. Sinhala New Revised Version දවන යාග පූජාසනය ද එහි සියලු උපකරණ ද තෙලින් ආලේප කොට, පූජාසනය කැප කළ යුතු වේ. මෙලෙස එම පූජාසනය අතිශුද්ධ එකක් වනු ඇත. Sinhala Revised Old Version දවන පූජාසනයද ඒකේ සියලු භාජනද ආලේපකොට පූජාසනයද විශුද්ධකරන්න. පූජාසනයද ඉතා ශුද්ධවන්නේය. |
සමිඳුන්ගේ ආත්මානුභාවය වන ප්‍රඥාව හා නුවණ ද අනුශාසනා බුද්ධිය හා බලය ද දැනගැනීම හා දේව ගරුබිය ද එතුමාණන් කෙරෙහි පිහිටන්නේ ය.
මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.
තවද, එය පිසිය යුත්තේ මුහුන් මිශ්‍ර නොකර ය. ගින්නෙන් දවා, මට පිදූ පූජාවෙන් ඔවුන්ට හිමි කොටස මම ඔවුන්ට දෙමි. පාප පූජාව හා වන්දි ගෙවීමේ පූජාව මෙන් එය අතිශුද්ධ ය.
ඔහු ඒ තෛලය පූජාසනය මත හත්වරක් ඉස, පූජාසනය ද එහි සියලු උපකරණ ද වතුර භාජන හා එහි අඩිය ද ආලේප කොට කැප කෙළේ ය.
දේව දූතයා ඈට උත්තර දෙමින්, “ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක.
දෙවියන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ, දෙවියන් වහන්සේගේ වදන් පවසන සේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ ශුද්ධාත්මය සීමා රහිත ව දානය කරන බැවිනි.
ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා ඒකාබද්ධ ව සිටින්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවෙනි. ක්‍රිස්තුන් වහන්සේ අපගේ ප්‍රඥාව වන්නේත් දේව ක්‍රියාවෙන් ය. ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අපි දමිටු කරනු ලැබ, උන් වහන්සේගේ සෙනඟ වී, නිදහස ලබා සිටිමු.
දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.
අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය.