Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 6:17 - Sinhala New Revised Version 2018

17 තවද, එය පිසිය යුත්තේ මුහුන් මිශ්‍ර නොකර ය. ගින්නෙන් දවා, මට පිදූ පූජාවෙන් ඔවුන්ට හිමි කොටස මම ඔවුන්ට දෙමි. පාප පූජාව හා වන්දි ගෙවීමේ පූජාව මෙන් එය අතිශුද්ධ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 තවද, එය පිසිය යුත්තේ මුහුන් මිශ්‍ර නොකර ය. ගින්නෙන් දවා, මට පිදූ පූජාවෙන් ඔවුන්ට හිමි කොටස මම ඔවුන්ට දෙමි. පාප පූජාව හා වන්දි ගෙවීමේ පූජාව මෙන් එය අතිශුද්ධ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ඒක මුහුන් දමා බදිනු නොලැබිය යුතුය. ගින්නෙන් කළ මාගේ පූජාවලින් ඔවුන්ගේ කොටස මෙන් ඒක දුනිමි; පාප පූජාව මෙන්ද අපරාධ පූජාව මෙන්ද ඒක අති ශුද්ධය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 6:17
14 හුවමාරු යොමු  

“ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “පාප පූජාව පිළිබඳ නීතිය මේ ය: සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජාවේ සතා මරන ස්ථානයේ ම පාප පූජාවේ සතා ද මැරිය යුතු ය. එය අතිශුද්ධ ය.


“සමිඳාණන් වහන්සේ වෙත ගෙනෙන කිසි ම ධාන්‍ය පූජාවක් මුහුන් දමා නොසෑදිය යුතු ය. නුඹ සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන කිසි ම පූජාවක මුහුන් හෝ මී පැණි හෝ නොදැමිය යුතු ය.


ධාන්‍ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ. එය සමිඳාණන් වහන්සේට පිදූ දවන පූජාවලින් අතිශුද්ධ කොටස වනු ඇත.


“වන්දි ගෙවීමේ පූජාව පිළිබඳ නීතිය මේ ය: එය අතිශුද්ධ දෙයකි.


පූජකවරුන් අතර සිටින සියලු පිරිමින්ට එයින් වැළඳිය හැකි ය. එය අතිශුද්ධ ය.


උන් වහන්සේ කිසි පවක් නොකළ සේක. කවදා වත් බොරුවක් ද නොවදාළ සේක.


පූජකවරුන් අතර සිටින සෑම පිරිමියෙකුට ම ඉන් වැළඳිය හැකි ය. එය වැළඳිය යුත්තේ ද ශුද්ධස්ථානයක ය. එය අතිශුද්ධ දෙයකි.


දවන යාග පූජාසනය ද එහි සියලු උපකරණ ද තෙලින් ආලේප කොට, පූජාසනය කැප කළ යුතු වේ. මෙලෙස එම පූජාසනය අතිශුද්ධ එකක් වනු ඇත.


දවස් හතක් ම නුඹ පූජාසනයේ පව් දුරලීමේ වත්පිළිවෙත් කොට එය විශුද්ධ කළ යුතු යි. එවිට එය අතිශුද්ධ පූජාසනය වනු ඇත. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.”


පාප සඳහා එය පුදන පූජකවරයා එය වැළඳිය යුතු ය. තවද, ඔහු එය වැළඳිය යුත්තේ, සම්මුඛ මණ්ඩප මළුවේ ශුද්ධස්ථානයක ය.


“පාප පූජාවට වලංගු නීතිය වන්දි ගෙවීමේ පූජාවට ද වලංගු වේ. පූජා ඔප්පු කරන පූජකවරයාට ඒවා අයිති ය.


මෝසෙස් පාප පූජාව සඳහා පිදූ එළුවා ගැන විමසූ විට, පුදුමයකි! ඌ දවා තිබිණි. එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් අතර ජීවත් ව සිට එලෙයාසර් සහ ඊතාමාර් සමඟ කිපී:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්