එවිට ශිප්පොරා මුවහත් ගලක් ගෙන ඇගේ පුතුගේ චර්මාග්‍රය කපා මෝසෙස්ගේ පාද එයින් ස්පර්ශ කොට, “දැන් ඉතින් ඔබ චර්මඡේදනය ලැබූ සැමියෙකි”යි කීවා ය.
නික්මයාම 4:26 - Sinhala New Revised Version 2018 උන් වහන්සේ එවිට මෝසෙස්ට ජීවත් වෙන්න ඉඩ හැරිය සේක. චර්මඡේදනය නිසා, ‘ඔබ චර්මඡේදනය ලැබූ සැමියෙකි’ යි ඈ කීවේ එවිට ය. Sinhala New Revised Version උන් වහන්සේ එවිට මෝසෙස්ට ජීවත් වෙන්න ඉඩ හැරිය සේක. චර්මඡේදනය නිසා, ‘ඔබ චර්මඡේදනය ලැබූ සැමියෙකි’ යි ඈ කීවේ එවිට ය. Sinhala Revised Old Version මෙසේ උන්වහන්සේ ඔහු කෙරෙන් අහක්ව ගියසේක. චර්මඡේද්‍යය නිසා නුඹ ලෙයේ මනමාළයෙක්යයි ඕතොම කීවාය. |
එවිට ශිප්පොරා මුවහත් ගලක් ගෙන ඇගේ පුතුගේ චර්මාග්‍රය කපා මෝසෙස්ගේ පාද එයින් ස්පර්ශ කොට, “දැන් ඉතින් ඔබ චර්මඡේදනය ලැබූ සැමියෙකි”යි කීවා ය.
සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට, “මෝසෙස් හමු වීමට පාළුකරයට යන්නැ”යි වදාළ සේක. ඔහු එහි ගොස් දෙවියන් වහන්සේගේ කන්දෙහි දී මෝසෙස් හමු වී, ඔහු සිපගත්තේ ය.