තවද, එය සඳහා රන් වළලු හතරක් වාත්තු කොට, එක පැත්තකට වළලු දෙකක් ද අනික් පැත්තට වළලු දෙකක් ද බැගින් එහි කකුල් හතරේ ඒවා දැමිය යුතු ය.
නික්මයාම 30:4 - Sinhala New Revised Version 2018 එහි ලීස්තරය යට, දෙපැත්තේ කොන් දෙකට කිට්ටු ව රන් වළලු දෙකක් ද සවි කළ යුතු ය. පූජාසනය උසුලාගෙන යෑම පිණිස ගන්න පොලුවල ඒවා දමනු ඇත. Sinhala New Revised Version එහි ලීස්තරය යට, දෙපැත්තේ කොන් දෙකට කිට්ටු ව රන් වළලු දෙකක් ද සවි කළ යුතු ය. පූජාසනය උසුලාගෙන යෑම පිණිස ගන්න පොලුවල ඒවා දමනු ඇත. Sinhala Revised Old Version ඒකේ ලීස්තරයට යටින් ඒකේ රිටි දෙක පිට රන් වළලු දෙකක්ද සාදන්න, දෙපැත්තෙහි ඒවා සාදන්න; ඒවා ඒක ඉසිලීමට පොලු දැමීම පිණිස වන්නේය. |
තවද, එය සඳහා රන් වළලු හතරක් වාත්තු කොට, එක පැත්තකට වළලු දෙකක් ද අනික් පැත්තට වළලු දෙකක් ද බැගින් එහි කකුල් හතරේ ඒවා දැමිය යුතු ය.
තවද, ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු සාදා හරස් ලී ද රනින් ආලේප කළ යුතු ය.
එහි මුදුන ද හතර පැත්ත ද අං ද රනින් ආලේප කළ යුතු අතර එය වටේට රන් ලීස්තරයක් ද සෑදිය යුතු ය.