Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 30:4 - Sinhala Revised Old Version

4 ඒකේ ලීස්තරයට යටින් ඒකේ රිටි දෙක පිට රන් වළලු දෙකක්ද සාදන්න, දෙපැත්තෙහි ඒවා සාදන්න; ඒවා ඒක ඉසිලීමට පොලු දැමීම පිණිස වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එහි ලීස්තරය යට, දෙපැත්තේ කොන් දෙකට කිට්ටු ව රන් වළලු දෙකක් ද සවි කළ යුතු ය. පූජාසනය උසුලාගෙන යෑම පිණිස ගන්න පොලුවල ඒවා දමනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එහි ලීස්තරය යට, දෙපැත්තේ කොන් දෙකට කිට්ටු ව රන් වළලු දෙකක් ද සවි කළ යුතු ය. පූජාසනය උසුලාගෙන යෑම පිණිස ගන්න පොලුවල ඒවා දමනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 30:4
8 හුවමාරු යොමු  

මේසය ගෙනයන පිණිස පොලු තැබීමට ඒ වළලු පටිය ළඟම තිබිය යුතුය.


පූජාසනය ගෙනයන විට පොලු ඒකේ දෙපැත්තේ තිබෙන පිණිස පොලු වළලුවල දමන්න.


ඊට පිත්තලෙන් දැල්කම් කළ මැස්සක්ද දැල පිට ඒකේ සතර කොනේ පිත්තල වළලු සතරක්ද සාදන්න.


ලෑලි රනින් වසා පොලු දමන පිණිස ඒවායේ වළලු රනින් සාදා පොලුද රනින් වසන්න.


පෙට්ටිය ඔසවන පිණිස පෙට්ටියේ පැතිවල තිබෙන වළලුවල ඒ පොලු දමන්න.


නුඹ ඒකට රන් වළලු සතරක් වාත්තුකොට ඒකේ පාද සතරේ තැබිය යුතුය; එක පැත්තකට වළලු දෙකක්ද අනික් පැත්තට වළලු දෙකක්ද වියයුතුය.


ඒකේ මුදුනද වටකරින් ඒකේ පැතිද ඒකේ අංද පවිත්‍ර රනින් වසන්න; ඒක වටේට රන් ලීස්තරයකුත් සාදන්න.


පොලුද ෂිටිම් ලීවලින් සාදා ඒවා රනින් වසන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්