ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 28:41 - Sinhala New Revised Version 2018

මේ ඇඳුම් නුඹේ සහෝදර ආරොන්ට හා ඔහුගේ පුත්‍රයන්ට පළඳවා, ඔවුන් පූජක පදවියේ මට ආවතේව කරන පිණිස, ඔවුන් ආලේප කොට, ඔවුන්ට පූජකවරය දී ඔවුන් කැප කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මේ ඇඳුම් නුඹේ සහෝදර ආරොන්ට හා ඔහුගේ පුත්‍රයන්ට පළඳවා, ඔවුන් පූජක පදවියේ මට ආවතේව කරන පිණිස, ඔවුන් ආලේප කොට, ඔවුන්ට පූජකවරය දී ඔවුන් කැප කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒවා නුඹේ සහෝදරවූ ආරොන්ටද ඔහු හා සමඟ ඔහුගේ පුත්‍රයන්ටද පළඳවන්න; ඔවුන් පූජක තනතුරෙහි මට සේවයකරන පිණිස ආලේපකර කැපකර විශුද්ධකරන්න.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 28:41
24 හුවමාරු යොමු  

“මට පූජක නිලයෙහි සේවය කරන පිණිස ඉශ්රායෙල් ජනයා අතරින් නුඹේ සහෝදරයා වන ආරොන් ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ් සහ අබිහු ද එලෙයාසර් සහ ඊතාමාර් ද කැඳවන්න.


ඔවුන් සෑදිය යුතු වස්ත්‍ර නම්: ළය වැස්ම, ඒපොද් නම් සැට්ටය, ලෝගුව, මල් වැඩ දැමූ කබාය, මකුටය සහ බඳපටිය වේ. නුඹේ සහෝදර ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මට පූජක සේවය කරන පිණිස ඔවුන්ට ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතු යි.


මේ ආහාර සියල්ල ආරොන් හා ඔහුගේ පුතුන්ගේ අත්වල තබා, සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත කරවා, ඒවා පුද කිරීමට සැලැස්විය යුතු ය.


“මා නුඹට අණ කළ සියල්ල ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට ඉටු කළ යුතු ය. දවස් හතක් තුළ නුඹ ඔවුන්ට පූජකවරය දීමේ පිළිවෙත ඉටු කළ යුතු යි.


පසුව ආලේප තෛලය ගෙන ඔහුගේ සිරස මත වත් කරමින්, ඔහු ආලේප කළ යුතු වේ.


බඳපටි ඉණ වටා සවි කොට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මත හිස් වැසුම් සවි කරන්න. මෙසේ කිරීමෙන් සදහට ම වලංගු නියෝගයක් ලෙස පූජක නිල පදවිය ඔවුන්ගේ වන්නේ ය. මේ අයුරින් නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට පූජකවරය දිය යුතු ය.”


සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවා ලුණෙන් පදම් කොට ශුද්ධ සුගන්ධයක් සෑදිය යුතු ය.


පසුව ආරොන් පූජක නිලයේ මා හට සේවා කරනු පිණිස ඔහුට ශුද්ධ වස්ත්‍ර හඳවා, ආලේප කොට, කැප කළ යුතු වේ.


ඔවුන්ගේ පියා ආලේප කළ ලෙස, ඔවුන් ද මා හට පූජක නිලයේ සේවා කරනු පිණිස ආලේප කළ යුතු ය. මෙසේ කිරීමෙන් ඔවුන්ගේ සෑම පරපුරක් තුළ ම ඔවුන් හට සදාතන පූජකවරය දෙනු ඇත.”


ඒ කාලය පැමිණි විට අසිරියාවේ බලයෙන් මම නුඹලා නිදහස් කරන්නෙමි. නුඹලාගේ කාය බලය නිසා අසිරියාවේ වියගහ ඉන්පසු නුඹලාගේ කරට බරක් නොවන්නේ ය.”


මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.


සත් දවසක් ඔව්හු පූජාසනය උදෙසා සමඟිකමේ පූජා ඔප්පු කොට, පිරිසිදු කර එය කැප කරත්වා.


ඔබ සම්මුඛ මණ්ඩපයේ දොරටුවෙන් පිටත නොයා යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ ආලේප තෛලය ඔබ පිට ඇති බැවින් ඔබ මැරෙන්නට පුළුවනැ”යි කීවේ ය. ඔව්හු මෝසෙස් කී ලෙස කළහ.


මෙසේ තමා ශුද්ධස්ථානයෙහි ම ජලස්නානය කොට, තමාගේ ඇඳුම් ලාගෙන, පිටතට අවුත් තමා උදෙසා ද සෙනඟ උදෙසා ද තමාගේ දවන යාග පූජාවත්, සෙනඟගේ දවන යාග පූජාවත් පව් කමා කිරීමක් වශයෙන් ඔප්පු කළ යුතු ය.


ඔහු කෝරා ඇතුළු ඔහුගේ මුළු පිරිසට කතා කරමින්, “හෙට උදෑසන අප අතරෙන් සමිඳාණන් වහන්සේට කැප වූ අය උන් වහන්සේ පෙන්වන සේක. උන් වහන්සේට කැප වූ, උන් වහන්සේ තෝරාගත් තැනැත්තාට උන් වහන්සේ සමීපයට එන්නට ද සලසන සේක.


පූජක නිලයේ සමිඳාණන් වහන්සේගේ සේවාවට කැප කරන පිණිස ආරොන් ආලේප කළ ඔහුගේ පුත්‍රයෝ මොවුහු වූ හ.


දෙවියන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ, දෙවියන් වහන්සේගේ වදන් පවසන සේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ ශුද්ධාත්මය සීමා රහිත ව දානය කරන බැවිනි.


තවද ආරොන් මෙන්, දෙවියන් වහන්සේ විසින් කැඳවන ලද අය මිස, අන් කිසිවෙක් ඒ නිලය තමාට ම පවරා නොගන්නේ ය.


දුර්වලකම් ඇති මනුෂ්‍යයෝ උත්තම පූජකයන් කොට ව්‍යවස්ථාවෙන් පත් කරනු ලැබෙත්. එහෙත් ව්‍යවස්ථාවෙන් පසුව පැමිණි දිවුරුමේ වචනයෙන් සදහට ම සම්පූර්ණ ව සිටින පුත්‍රයාණෝ පත් කරනු ලැබූ හ.


එහෙත් ඔබ වනාහි ශුද්ධ තැනැන් වහන්සේගෙන් ආලේපය ලබා ඇත. එයින් ඔබ හැමට ප්‍රඥාව ලැබී ඇත.


උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.