Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 43:26 - Sinhala New Revised Version 2018

26 සත් දවසක් ඔව්හු පූජාසනය උදෙසා සමඟිකමේ පූජා ඔප්පු කොට, පිරිසිදු කර එය කැප කරත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 සත් දවසක් ඔව්හු පූජාසනය උදෙසා සමඟිකමේ පූජා ඔප්පු කොට, පිරිසිදු කර එය කැප කරත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 සත් දවසක් ඔව්හු පූජාසනය උදෙසා සමඟිකමක් කොට, ඒක පිරිසිදුකර, ඒක කැපකරත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 43:26
9 හුවමාරු යොමු  

මේ ආහාර සියල්ල ආරොන් හා ඔහුගේ පුතුන්ගේ අත්වල තබා, සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත කරවා, ඒවා පුද කිරීමට සැලැස්විය යුතු ය.


මෝසෙස් ද කතා කොට, “ඔබෙන් එකිනෙකා තම තමාගේ පුත්‍රයා ද තම තමාගේ සහෝදරයා ද මරාදමමින් පූජකවරුන් මෙන් සමිඳාණන් වහන්සේට අද ඔබ ම කැප කරගත්තහු ය. එබැවින් අද දින සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාදයක් දානය කළ සේකැ”යි කී ය.


නුඹ උගේ ලේවලින් ස්වල්පයක් රැගෙන එහි අං වැනි කොන් සතරේ ද මැද කොටසේ කොන් සතරේ ද වටකර ගැටියේ ද ගා, එසේ පූජාසනයේ දෝෂ පහකර, පිරිසිදු කර, ඒ උදෙසා සමඟිකමේ පූජාවක් ඔප්පු කරන්න.


දෙ වන දවසේ පාප පූජාවක් පිණිස එළුවන්ගෙන් කැළලක් නැති පිරිමි සතෙකු ගෙනෙන්න. ගොනා පූජා කිරීමෙන් පූජාසනය පවිත්‍ර කළාක් මෙන් එයින් එය පවිත්‍ර කරත් වා.


දිනපතා ම සත් දවසක් පූජාවක් වශයෙන් එළුවෙකු පූජා කරන්න. එසේ ම කැළලක් නැති ගොන් වස්සෙකු ද රැළෙන් බැටළුවෙකු ද ඔව්හු පූජා කරත් වා.


ඒ කාලය අවසානයේ දී අට වන දවසේත්, ඉන්පසුත් පූජකයෝ නුඹලාගේ දවන යාග පූජා ද නුඹලාගේ සහභාගිකමේ පූජා ද පූජාසනය පිට ඔප්පු කරත් වා. මම ද නුඹලා පිළිගන්නෙමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”


“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පළමු වන මාසයේ පළමු වන දා කැළලක් නැති ගොන් වස්සෙකු රැගෙන ශුද්ධස්ථානයේ දෝෂ පහකරන්න.


කැප කිරීමේ දින ගණන අවසාන වන තෙක්, දින හතක් ඔබ සම්මුඛ මණ්ඩපයේ දොරටුවෙන් පිටතට නොයා යුතු ය. ඒ සඳහා දින හතක් ගත වේ.


අප මෙදින කළ ලෙස ඔබේ පාපවලට කමාව අයැදිනු පිණිස සමිඳාණන් වහන්සේ මෙසේ කිරීමට අණ කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්