විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක; සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක. එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක.
නික්මයාම 26:14 - Sinhala New Revised Version 2018 තවද, මණ්ඩපයට රතු සායම් පෙවූ බැටළු හම්වලින් ආවරණයක් ද එය උඩ අතුරන පිණිස සියුම් හම්වලින් ආවරණයක් ද සෑදිය යුතු වේ. Sinhala New Revised Version තවද, මණ්ඩපයට රතු සායම් පෙවූ බැටළු හම්වලින් ආවරණයක් ද එය උඩ අතුරන පිණිස සියුම් හම්වලින් ආවරණයක් ද සෑදිය යුතු වේ. Sinhala Revised Old Version රතු සායම් පෙවූ බැටළු සම්වලින් කූඩාරමට වැස්මක්ද තාහෂ් සම්වලින් උඩ වැස්මක්ද සාදන්න. |
විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක; සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක. එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක.
මණ්ඩපයේ තිරවල දිගින් දෙපැත්තේ ඉතිරි වන සෙස්සෙන්, එක පැත්තකින් සෙන්ටිමීටර් පණහක් ද අනික් පැත්තෙන් සෙන්ටිමීටර් පණහක් ද මණ්ඩපය වැසෙන පිණිස එල්ලෙන්නට හැරිය යුතු ය.
නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ ද එළු ලොම් ද රතු සායම් පෙවූ බැටළු ලොම් ද පදම් කළ හම් ද ඇති සියලු දෙන ඒවා ගෙනාහ.
මෙසේ සාදා රතු සායම් පෙවූ බැටළු හම්වලින් කූඩාරමට ආවරණයක් ද එය උඩ අතුරන පිණිස පදම් කළ සම් ආවරණයක් ද සෑදී ය.
දුගී අසරණ අයට ඔබ රැකවරණය වූ සේක; කම්කටොලු ඇති කාලවල දී ඔවුන්ට බලකොටුවක් වූ සේක; කුණාටුවේ දී ආරක්ෂාවත්, තද ග්‍රීෂ්මයේ දී සෙවණත් ඔබ ඔවුන්ට දුන් සේක.
එය දාවල් ග්‍රීෂ්මයෙන් මුවා වීමට සෙවණක් පිණිසත්, රක්ෂා ස්ථානයක් පිණිසත් කුණාටුවෙන් හා වර්ෂාවෙන් ආරක්ෂා වීමට ස්ථානයක් පිණිසත් වන්නේ ය.
විසිතුරු වැඩදැමූ වස්ත්‍ර මම නුඹට පළඳවා, කදිම හම් පාවහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් වසා පට රෙදිවලින් නුඹ සැරසුවෙමි.
ඔවුන් මණ්ඩපයේ තිර ද, තිරයෙන් ආවරණය වූ සම්මුඛ මණ්ඩපය ද, එහි අභ්‍යන්තර ආවරණය ද, ඒ මත අතුරා ඇති පදම් කළ සම් ආවරණය ද, සම්මුඛ මණ්ඩපයේ දොරටුවේ කඩතුරාව ද,
“කඳවුරේ කූඩාරම් ගලවා ඉදිරියට යා යුතු අවස්ථාව පැමිණි විට, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විත් ගිවිසුම් කරඬුව ඉදිරිපිට ඇති තිරය ගලවා, එයින් ගිවිසුම් කරඬුව වැසිය යුතු ය.