ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 20:25 - Sinhala New Revised Version 2018

එහෙත්, මා සඳහා නුඹලා ගලින් පූජාසනයක් සාදන්නහු නම් නුඹලා එය කැපූ ගලින් ඉදි නොකරන්න. මන්ද, මෙවලමකින් නෙළන විට එය දූෂ්‍ය වන හෙයිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, මා සඳහා නුඹලා ගලින් පූජාසනයක් සාදන්නහු නම් නුඹලා එය කැපූ ගලින් ඉදි නොකරන්න. මන්ද, මෙවලමකින් නෙළන විට එය දූෂ්‍ය වන හෙයිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ගල්වලින් මට පූජාසනයක් සාදන්නෙහි නම් කැපූ ගල්වලින් ඒක ගොඩනොනගව. මක්නිසාද නුඹේ ආවුදය ඒ පිට එසෙවුවෙහිනම් ඒක අපවිත්‍ර කෙළෙහිය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 20:25
6 හුවමාරු යොමු  

නියම කළ ප්‍රමාණයට ගල්වළෙහි දී කැපූ ගල්වලින් මාලිගාව ගොඩනැඟුව බැවින් මාලිගාව ගොඩනැඟීමේ දී මිටියක වත්, පොරවක වත්, වෙන කිසි යකඩ ආයුධයක වත් ශබ්දයක් නොඇසිණි.


පස්වලින් පූජාසනයක් මට තනා, එය මත නුඹලාගේ දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද නුඹලාගේ බැටළුවන් ද ගවයන් ද පූජා කළ යුතු ය. තවද, මාගේ නාමය සිහි කරනු ලබන සෑම ස්ථානයක දී ම මම නුඹලා වෙත පැමිණ නුඹලාට ආශීර්වාද කරමි.


ඉන්පසු ඔහු උන් වහන්සේගේ ආඥා සියල්ල ම ලියා තැබී ය. පසු දින අලුයම ඔහු නැඟිට, කන්ද පාමුල පූජාසනයක් ද ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස අනුව ශිලාස්තම්භ දොළහක් ද ඉදි කෙළේ ය.


සෙන්ටිමීටර් හැත්තෑපහක් දිග ද සෙන්ටිමීටර් හැත්තෑපහක් පළල ද සෙන්ටිමීටර් පණහක් උස ද ඇති කැපූ ගල් මේස හතරකුත් තිබිණි. ඒවා තිබුණේ ඒ මත දවන පූජා ද වෙනත් පූජා ද සඳහා යාග සතුන් මරන්න පාවිච්චි කරන ආයුධ තැබීමට ය.


ඔහු මෙසේ කෙළේ, සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ඉශ්රායෙල් සෙනඟට අණ කළ ලෙස, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන පරිදි, ‘කිසිවෙකු විසින් යකඩ ආයුධයකින් නොකපන ලද පියවි ගල්වලින් ය.’ ඔව්හු ඒ පූජාසනය පිට සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කළෝ ය.