Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 20:25 - Sinhala Revised Old Version

25 ගල්වලින් මට පූජාසනයක් සාදන්නෙහි නම් කැපූ ගල්වලින් ඒක ගොඩනොනගව. මක්නිසාද නුඹේ ආවුදය ඒ පිට එසෙවුවෙහිනම් ඒක අපවිත්‍ර කෙළෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 එහෙත්, මා සඳහා නුඹලා ගලින් පූජාසනයක් සාදන්නහු නම් නුඹලා එය කැපූ ගලින් ඉදි නොකරන්න. මන්ද, මෙවලමකින් නෙළන විට එය දූෂ්‍ය වන හෙයිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 එහෙත්, මා සඳහා නුඹලා ගලින් පූජාසනයක් සාදන්නහු නම් නුඹලා එය කැපූ ගලින් ඉදි නොකරන්න. මන්ද, මෙවලමකින් නෙළන විට එය දූෂ්‍ය වන හෙයිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 20:25
6 හුවමාරු යොමු  

කිසිවෙකු විසින් යකඩයක් නොපෙවුවාවූ පියවි ගල්වලින් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඒබාල් කන්දෙහි පූජාසනයක් ගොඩනැගුවේය. ඔව්හු ඒක පිට ස්වාමීන්වහන්සේට දවන පූජා පුදා, ශාන්ති පූජාද ඔප්පුකළෝය.


පස්වලින් පූජාසනයක් මට සාදා නුඹේ දවන පූජාද නුඹේ ශාන්ති පූජාද නුඹේ බැටළුවන්ද නුඹේ ගවයින්ද එහි පූජාකරව. මා විසින් මාගේ නාමය සඳහන් කරන සියලු තැන්වලදී නුඹ වෙතට අවුත් නුඹට ආශීර්වාදකරන්නෙමි.


ගල්වළේදී තීන්දුවට සූදානම්කළ ගල්වලින් ගෘහය ගොඩනැගූ බැවින් ගෘහය ගොඩනැගීමේදී මිටියකවත් පොරවකවත් වෙන කිසි යකඩ ආවුදයකවත් ශබ්දයක් නොඇසුණේය.


රියන් එකහමාරක් දිගද රියන් එකහමාරක් පළලද රියනක් උසද ඇති කැපූ ගල් මේස හතරකුත් තිබුණේය; ඒවා තිබුණේ ඒ උඩ දවන පූජාවල්ද වෙනත් පූජාවල්ද මරන්ට පාවිච්චිකරන ආවුද තැබීමටය.


මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ සියලු වචන ලියා අලුයම නැගිට කන්ද මුල පූජාසනයක් හා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසේ ගණන ලෙස කණු දොළසක්ද ගොඩනැගුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්