ඔබට ආධාර කළ ඔබ පියාගේ දෙවිඳුන් විසිනි; ඔබට ආසිරි සිරි දෙන සියලු බලැති දෙවිඳුන් විසිනි, ඉහළ අහසින් ආසිරි ද පහළ ගැඹුරින් ආසිරි ද පියයුරු හා කුස තුළ ආසිරි ද
නික්මයාම 18:4 - Sinhala New Revised Version 2018 අනික් පුත්‍රයාගේ නම එලියේසර් ය. එහි අර්ථය, ඔහු කී ලෙස, ‘මාගේ පියාගේ දෙවියන් වහන්සේ මාගේ ආධාරය වී පාරාවෝගේ කඩුවෙන් මා මිදූ සේක’ යනුයි. Sinhala New Revised Version අනික් පුත්‍රයාගේ නම එලියේසර් ය. එහි අර්ථය, ඔහු කී ලෙස, ‘මාගේ පියාගේ දෙවියන් වහන්සේ මාගේ ආධාරය වී පාරාවෝගේ කඩුවෙන් මා මිදූ සේක’ යනුයි. Sinhala Revised Old Version අනික් පුත්‍රයාගේ නම එලියේසර්ය; මක්නිසාද: මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ මට පිහිටවී ඵාරාවෝගේ කඩුවෙන් මා ගළවාගත්සේකැයි ඔහු කීවේය. |
ඔබට ආධාර කළ ඔබ පියාගේ දෙවිඳුන් විසිනි; ඔබට ආසිරි සිරි දෙන සියලු බලැති දෙවිඳුන් විසිනි, ඉහළ අහසින් ආසිරි ද පහළ ගැඹුරින් ආසිරි ද පියයුරු හා කුස තුළ ආසිරි ද
එලියෙසෙර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ රෙහෙබියා ය. එලියෙසෙර්ට වෙන පුත්‍රයෝ නුවූ හ. එහෙත්, රෙහෙබියාට පුත්‍රයෝ බොහෝ දෙනෙක් සිටියෝ ය.
එතුමාණෝ මාගේ සතුරන්ගෙන් මා මුදන සේක; මට විරුද්ධ ව නැඟිටිනවුන්ට ඉහළින් ඔබ මා පිහිටුවන සේක. ප්‍රචණ්ඩකාරීන්ගෙන් මා මුදන සේක.
ඔහු මෝසෙස්ට කතා කොට, “මෙතැනින් පලා යන්න; මින්පසු නම් මා ඉදිරියට නොඑන්නට බලාගන්න, මා නුඹ දකින්නේ කවර දිනක ද එදින නුඹ නසිනු ඇතැ”යි කී ය.
එපවත් සැළ වූ විට පාරාවෝ මෝසෙස් මරාදැමීමට සෙවී ය. එහෙත්, මෝසෙස් පාරාවෝ වෙතින් පලා ගොස් මිදියන් දේශයෙහි පදිංචි විය. ඔහු එහි ළිඳක් ළඟ වාඩි වී සිටියේ ය.
ඇය ඔහුට දාව පුතෙකු ලැබුවෙන්, මෝසෙස් “මම අමුතු රටක අමුත්තෙකු මෙන් සිටියෙමි” කියා ඔහුට ගේර්ෂොම් යන නාමය තැබී ය.
මෝසෙස් ද තම බිරිඳ හා පුතුන් රැගෙන, ඔවුන් කොටළුවෙකු පිට නංවාගෙන යළි මිසර දේශයට ගියේ ය. දෙවියන් වහන්සේ දුන් සැරයටියත් ඔහු අතට ගත්තේ ය.
එවිට පේදුරු පියවි සිහිය ලැබ, කතා කොට, “සමිඳාණන් වහන්සේ තමන් දූතයා එවා, හෙරොද්ගේ බලයෙන් ද ජුදෙව් ජනතාවගේ සියලු බලාපොරොත්තුවලින් ද මා මිදූ බව සැබැවින් ම දනිමි”යි කී ය.
ඒ කීම නිසා මෝසෙස් පලා ගොස්, මිදියන් දේශයෙහි ආගන්තුක ව විසී ය. එහි දී ඔහුට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්හ.
එහෙත් සමිඳාණන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක. මෙසේ මා මඟින් සුබ අස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙන සේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදා ගනු ලැබුවෙමි.
රෞද්‍ර ගිනි ජාලා නිවාලූ හ, කඩුපතින් නොමළහ, දුබල ව සිටි නමුත් ප්‍රබල වූ හ, රණ බිම්හි ජය කොඩි නැංවූ හ, පර සතුරු සේනා නෙරපූ හ.
මෙසේ: “සමිඳාණන් වහන්සේ මාගේ සරණය ය, මම බිය නොවන්නෙමි. මිනිසා මට කුමක් කරයි ද?” කියා ධෛර්ය සම්පන්න ව කීමට අපට පිළිවන.