Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 18:4 - Sinhala Revised Old Version

4 අනික් පුත්‍රයාගේ නම එලියේසර්ය; මක්නිසාද: මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ මට පිහිටවී ඵාරාවෝගේ කඩුවෙන් මා ගළවාගත්සේකැයි ඔහු කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 අනික් පුත්‍රයාගේ නම එලියේසර් ය. එහි අර්ථය, ඔහු කී ලෙස, ‘මාගේ පියාගේ දෙවියන් වහන්සේ මාගේ ආධාරය වී පාරාවෝගේ කඩුවෙන් මා මිදූ සේක’ යනුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 අනික් පුත්‍රයාගේ නම එලියේසර් ය. එහි අර්ථය, ඔහු කී ලෙස, ‘මාගේ පියාගේ දෙවියන් වහන්සේ මාගේ ආධාරය වී පාරාවෝගේ කඩුවෙන් මා මිදූ සේක’ යනුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 18:4
19 හුවමාරු යොමු  

මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.


නුමුත් මා කරණකොටගෙන පණිවිඩය සම්පූර්ණලෙස ප්‍රකාශවන පිණිසත් එය සියලු අන්‍යජාතීන්ට අසන්ට ලැබෙන පිණිසත් ස්වාමීන්වහන්සේ මා ළඟ සිට මා ශක්තිමත්කළසේක. මම සිංහයාගේ කටින් මුදනු ලැබීමි.


පේතෘස් සිහි ලැබ කථාකොට: ස්වාමීන්වහන්සේ තමන් දූතයා එවා හෙරොද්ගේ අතින්ද යුදෙව් සෙනඟගේ මුළු බලාපොරොත්තුවෙන්ද මා මිදූ බව දැන් සැබවින් දනිමියි කීවේය.


මාගේ දෙවියන්වහන්සේ තමන්ගේ දූතයා එවා, සිංහයන් මට අනතුරු නොකරන හැටියට උන්ගේ කටවල් පියෙවූසේක. මක්නිසාද උන්වහන්සේ ඉදිරියෙහි මා තුළ නිදොස්කම තිබුණේය; ඇරත් රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියේද මම කිසිවරදක් නොකෙළෙමියි කීවේය.


දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.


ස්වාමීන් සෙවීමි, උන්වහන්සේ මට උත්තරදී, මාගේ සියලු භයින් මා මිදූසේක.


උන්වහන්සේ මාගේ සතුරන්ගෙන් මා මුදාගන්නාසේක. එසේය, මට විරුද්ධව නැගිටින්නන්ට වඩා ඔබ මා උසස්කරනසේක. බලාත්කාරකරන්නාගෙන් මා ගළවාගන්නසේක.


මාගේ ශක්තියවූ ස්වාමිනි, ඔබට ප්‍රේමකරමි.


මෝසෙස්ගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම් සහ එලියෙසෙර්ය.


ඵාරාවෝ ඒ දේ අසා මෝසෙස් මරන්ට සෙවීය. නුමුත් මෝසෙස් ඵාරවෝ කෙරෙන් පලාගොස් මිදියන් දේශයෙහි වාසය කෙළේය.


ඒ කීම නිසා මෝසෙස් පලාගොස්, මිදියන් දේශයෙහි විදේශීව විසුවේය, එහිදී ඔහුට දාව පුත්‍රයන් දෙදෙනෙක් උපන්නෝය.


ගින්නේ උෂ්ණය නිවුවෝය, කඩුමුවහතින් ගැළවුණෝය, දුර්වලව සිට ශක්තිමත්කරනු ලැබුවෝය, යුද්ධයෙහි බලසම්පන්නවූවෝය, අන්‍ය සේනාවක් පන්නාදැමුවෝය.


පහළ වැතිර තිබෙන ගැඹුරේ ආශීර්වාදවලිනුත් පායෝධරවල සහ ගර්භයේ ආශීර්වාදවලිනුත් නුඹට ආශීර්වාදකරන සර්වපරාක්‍රමයාණන්වහන්සේගෙන්ද ඔහුගේ අත්වල ශක්තිය ස්ථිරකරන ලද්දේය. (ඉශ්‍රායෙල්ගේ පර්වතයවූ එඬේරා මෙතැනින්ය.)


ඈ පුත්‍රයෙකු බිහිකළාය. මෝසෙස්: අන් දේශයක ආගන්තුකයෙක්ව සිටියෙමියි කියා ඔහුට ගේර්ෂොම් යන නම තැබීය.


එවිට මෝසෙස් තමාගේ භාර්යාවද පුත්‍රයන්ද රැගෙන කොටළුවෙකු පිට හිඳුවා මිසර දේශයට හැරී ගියේය. දෙවියන්වහන්සේගේ සැරයටියද අතින් රැගෙන ගියේය.


එලියෙසෙර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ රෙහෙබියාය. එලියෙසෙර්ට වෙන පුත්‍රයෝ නුවූහ; නුමුත් රෙහෙබියාට පුත්‍රයෝ බොහෝදෙනෙක් සිටියෝය.


ඵාරාවෝ: මා කෙරෙන් යන්න; තවත් මාගේ මුහුණ නොදක්නට බලාගන්න; මක්නිසාද මාගේ මුහුණ දක්නාවූ දවසේදී නුඹ නසින්නෙහියයි කීයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්