ආබ්‍රහම් සමඟ කතා කොට නිම වූ පසු උන් වහන්සේ යන්න ගිය සේක. ආබ්‍රහම් ද සිය නිවෙසට හැරී ගියේය.
නික්මයාම 18:23 - Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය. Sinhala New Revised Version දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය. Sinhala Revised Old Version නුඹ මෙසේ කරන්නෙහි නම්, දෙවියන්වහන්සේත් එසේ නුඹට අණකරනසේක්නම්, නුඹට දැරියහැකි වන්නේය, මේ මුළු සෙනඟද තමුන්ගේ ස්ථානයට සමාදානයෙන් යන්නෝයයි කීවේය. |
ආබ්‍රහම් සමඟ කතා කොට නිම වූ පසු උන් වහන්සේ යන්න ගිය සේක. ආබ්‍රහම් ද සිය නිවෙසට හැරී ගියේය.
රාකෙල් ජෝසෙප් ලැබූ පසු ජාකොබ් ලාබන්ට කතා කොට, “මාගේ ම ගෘහයට, මාගේ ම දේශයට යන පිණිස මා යන්න හරින්න.
එහෙත්, සෙනඟ කතා කරමින්, “ඔබ නොයා යුතු ය; මන්ද, අප පලා ගියත් ඔවුන් අප සලකන්නේ නැත; අපෙන් දෙකෙන් කොටසක් මැරුණත් අප ගැන සලකන්නේ නැත; එහෙත්, ඔබ අපෙන් දසදහසක් දෙනෙකු හා සමාන ය. එබැවින් අපට උපකාර කරන්නට සූදානම් ව ඔබ නගරයේ සිටියොත් මැනවැ”යි කීවෝ ය.
මුළු සෙනඟ ජොර්දානෙන් මෙගොඩ පැමිණියෝ ය. රජ ද මෙගොඩට පැමිණියේ ය. රජ තෙමේ බර්ශිල්ලයි සිඹගෙන ඔහුට ආශීර්වාද කෙළේ ය. ඔහු තමාගේ ගෙදරට පෙරළා ගියේ ය.
එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි රජුට සහාය වී පිලිස්තියයාට පහර දී ඔහු මැරුවේ ය. එවිට දාවිත්ගේ සෙනඟ, “ඉශ්රායෙල්වරුන්ගේ පහන වැනි බලාපොරොත්තුව වන ඔබ, නොනිවෙන පිණිස තවත් අප සමඟ යුද්ධයට නොයා යුතු ය”යි දිවුරුම් දී දාවිත්ට කියා සිටියෝ ය.
බලන්න, මම නුඹට සබත් දිනය දුන් බැවින් හය වන දවසේ දී මම නුඹට දෙදවසක ආහාර දෙමි. සබත් දින නුඹලා සැම කෙනෙක් ම තම තමා සිටින තැන ම නැවතී සිටිය යුතු ය. කිසිවෙකු තම නිවසින් පිටත නොයා යුතු ය”යි වදාළ සේක.
ඔබත්, ඔබ ළඟ සිටින මේ සෙනඟත් අතිශයින් විඩාවට පත්වනු ඇත. මේ කටයුත්ත ඔබට බර වැඩි ය. ඔබට එය තනියම ඉටු කිරීම නොහැක.
ඔවුන් සියලු අවස්ථාවන්හි දී මිනිසුන් විනිශ්චය කළ යුතු ය. එහෙත්, වැදගත් ප්‍රශ්නයක් තිබේ නම් ඔවුන් ඔබ වෙත එය ගෙනා යුතු ය. එහෙත්, සෑම සුළු කරුණක් ඔවුන් ම විනිශ්චය කළ යුතුයි. එසේ කළොත් ඔබට වඩාත් පහසු වේ. ඔවුන් ද ඔබ සමඟ වගකීමේ බර උසුලනු ඇත.
එහෙයින් ඔවුන් ද පාවුලු හා බාර්ණබස් ද අතර වේගවත් වාද විවාද ඇති විය. මේ ප්‍රශ්නය ගැන අපෝස්තුළුවරුන් සහ සභා මූලිකයන්ගෙන් විචාරන පිණිස පාවුලු සහ බාර්ණබස් ද අන්තියෝකියෙන් තවත් සමහරෙක් ද ජෙරුසලමට යැවීමට නියම කරනු ලැබූ හ.
මා එසේ ගියේ, මට දේව මඟ පෙන්වීමක් ලැබුණු බැවිනි. මා විජාතීන්ට දේශනා කළ සුබ අස්න එහි සිටි ප්‍රධානීන් ඉදිරියෙහි රහසිගත ව තැබීමි. එසේ කළේ මා පෙර කළ, දැන් කරන, සේවය නිෂ්ප්‍රභ නොවන පිණිස ය.
සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔවුන්ගේ හඬට සවන් දී, ඔවුන්ට රජෙකු පත් කරන්නැ”යි සාමුවෙල්ට වදාළ සේක. සාමුවෙල් ද ඉශ්රායෙල් සෙනඟගේ සියලු දෙනාට කතා කොට, “තම තමන්ගේ නිවාසවලට යන්නැ”යි කීවේ ය.