Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 18:23 - Sinhala Revised Old Version

23 නුඹ මෙසේ කරන්නෙහි නම්, දෙවියන්වහන්සේත් එසේ නුඹට අණකරනසේක්නම්, නුඹට දැරියහැකි වන්නේය, මේ මුළු සෙනඟද තමුන්ගේ ස්ථානයට සමාදානයෙන් යන්නෝයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 18:23
15 හුවමාරු යොමු  

නුඹද නුඹ සමඟ සිටින මේ සෙනඟද ඒකාන්තයෙන් වෑරීයන්නහුය. මක්නිසාද මේ කාරණය නුඹට බර වැඩිය; නුඹට පමණක්ම එය ඉෂ්ටකිරීම නොහැකිය.


ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී ඔවුන්ට රජෙකු පත්කරන්නැයි ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කීසේක. සාමුවෙල්ද: නුඹලා එකිනෙකා තමතමාගේ නුවරට යන්නැයි ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට කීවේය.


මමත් නුඹලා සමඟ යමියි සෙනඟට රජ කීය. නුමුත් සෙනඟ: ඔබ නොගිය යුතුය. මක්නිසාද අප පලාගියත් ඔවුන් අප ගැන සලකන්නේ නැත; අපෙන් දෙකෙන් කොටසක් මැරුණත් අප ගැන සලකන්නේ නැත. නුමුත් ඔබ අපෙන් දස දාහක් මෙන්ය. එබැවින් අපට උපකාරකරන්ට සූදානම්ව ඔබ නුවර සිටියොත් මැනවැයි කීවෝය.


ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් සමඟ කථාකොට නිමවූ වහාම යන්ට ගියසේක. ආබ්‍රහම්ද තමාගේ ස්ථානයට හැරී ගියේය.


එහි ගියේ එළිදරව්වීමක් නිසාය. එහි ගොස් මම අන්‍යජාතීන් අතරෙහි ප්‍රකාශකරන ශුභාරංචිය ඔවුන් ඉදිරියෙහි තැබුවෙමි. නුමුත් මා දුවන්නාවූ නොහොත් දිවුවාවූ දිවීම යම් හෙයකින් නිෂ්ඵල නොවන පිණිස, ප්‍රධාන තැනැත්තන්ට එය දැන්නුවේ රහසින්ය.


එහෙයින් පාවුල්ද බාර්ණබස්ද ඔවුන් සමඟ මහත් භේදයක් සහ වාදයක් ඇතිවූ කල්හි, පාවුල් සහ බාර්ණබස්ද ඔවුන්ගෙන් තවත් සමහරෙක්ද මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන්ගෙන් විචාරන පිණිස යෙරුසලමට යන්ට නියමකරනු ලැබුවෝය.


නුමුත් ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි රජුට උපකාරකොට පිලිස්තියයාට පහරදී ඔහු මැරුවේය. එවිට දාවිත්ගේ මිනිස්සු: ඉශ්‍රායෙල්ගේ පහන නොනිවන පිණිස ඔබ තවත් අප සමඟ යුද්ධයට නොයායුතුයයි දිවුරා දාවිත්ට කියා සිටියෝය.


මුළු සෙනඟ යොර්දානෙන් මෙගොඩවුණෝය, රජද මෙගොඩවුණේය. රජතෙමේ බර්සිල්ලයි සිඹ ඔහුට ආශීර්වාදකෙළේය; ඔහු තමාගේ ස්ථානයට හැරීගියේය.


රාඛෙල් යෝසෙප් බිහිකළ පසු යාකොබ් ලාබන්ට කථාකොට: මාගේම ස්ථානයටද මාගේ රටටද යන පිණිස මා හරින්න.


බලන්න, ස්වාමීන්වහන්සේ නුඹලාට සබත් දවස දුන්සේක, එබැවින් උන්වහන්සේ සවෙනි දවසේදී දෙදවසක ආහාර නුඹලාට දෙනසේක; එකිනෙකා තම තමාගේ ස්ථානයේ නැවතී සිටිනු මිස සත්වෙනි දවසෙහි තමාගේ ඉඩමෙන් කිසිවෙක් නොයේවයි කීසේක.


ඔව්හු සියලු ප්‍රස්තාවයන්හිදී සෙනඟ විනිශ්චය කෙරෙත්වා. ඔව්හු සියලු මහත් කාරණා නුඹ වෙතට පමුණුවා සියලු සුළු කාරණා තුමූම විනිශ්චය කෙරෙත්වා. මෙසේ නුඹට හුඟක් පහසු වන්නේය, ඔව්හු නුඹ සමඟ බර උසුලන්නෝය.


මෝසෙස් තම මාමාගේ බසට කන්දී ඔහු කී සියල්ල කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්