Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 15:2 - Sinhala New Revised Version 2018

2 එහෙයින් ඔවුන් ද පාවුලු හා බාර්ණබස් ද අතර වේගවත් වාද විවාද ඇති විය. මේ ප්‍රශ්නය ගැන අපෝස්තුළුවරුන් සහ සභා මූලිකයන්ගෙන් විචාරන පිණිස පාවුලු සහ බාර්ණබස් ද අන්තියෝකියෙන් තවත් සමහරෙක් ද ජෙරුසලමට යැවීමට නියම කරනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එහෙයින් ඔවුන් ද පාවුලු හා බාර්ණබස් ද අතර වේගවත් වාද විවාද ඇති විය. මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ සභා මූලිකයන්ගෙන් විචාරන පිණිස පාවුලු සහ බාර්ණබස් ද අන්තියෝකියෙන් තවත් සමහරෙක් ද ජෙරුසලමට යැවීමට නියම කරනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 මේ ගැන පාවුල් හා බාර්ණබස් ද ඔවුන් ද අතර තියුණු වාදයක් පැන නැඟිණි. එබැවින් මේ ප්‍රශ්න ගැන යෙරුසලමේ අපෝස්තුලුවරුන් හා සභා-මූලිකයින් හමුවට පාවුල් හා බාර්ණබස් සමඟ තව සමහර දෙනෙක් ද යා යුතු යයි නියම කර ගැනිණ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 එහෙයින් පාවුල්ද බාර්ණබස්ද ඔවුන් සමඟ මහත් භේදයක් සහ වාදයක් ඇතිවූ කල්හි, පාවුල් සහ බාර්ණබස්ද ඔවුන්ගෙන් තවත් සමහරෙක්ද මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන්ගෙන් විචාරන පිණිස යෙරුසලමට යන්ට නියමකරනු ලැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 15:2
20 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේ ඔබට අණ කරන ලෙස ඔබ මෙය කරන්නෙහි නම් ඔබ විඩාවට පත් නොවනු ඇත. මේ සෙනඟට ද තම තමන්ගේ ගෙවලට සමගි සාමදානයෙන් යන්න පුළුවන් වේ ය”යි කී ය.


එවිට පේදුරු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේ ය. පසුවදා ඔහු ඔවුන් සමඟ පිටත් ව ගියේ ය. ජොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක් ද ඔහු කැටුව ගියහ.


ආත්මයාණන් වහන්සේ ද, සැකයක් නැති ව ඔවුන් සමඟ යන ලෙස මට අණ කළ සේක. මේ සහෝදරයන් සදෙනාත් මා සමඟ ගියහ. අපි කොර්නේලියස්ගේ ගෙදරට ඇතුළු වීමු.


ඔව්හු ආධාර එකතු කර, බාර්ණබස් සහ සාවුල් අත සභා මූලිකයන්ට යැවූ හ.


එහෙයින් තමන්ගේ දිවි නොතකා, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා, ජීවිත කැප කළ අපගේ ප්‍රේමණීය බාර්ණබස් ද පාවුලු ද සමඟ, නියෝජිතයන් තෝරා ගෙන ඔබ වෙතට එවීම සුදුසු යයි රැස් වූ අපගේ ඒකමතික තීරණය විය.


එහෙයින් ජූදස් ද සීලස් ද ඔබ වෙත එවමු. ඔවුන් මේ කාරණා ම ඔබට කට වචනයෙන් ද කියනු ඇත.


ඔවුන් ජෙරුසලමට පැමිණි කල, සභාව ද අපෝස්තුළුවරු ද සභා මූලිකයෝ ද, ඔවුන් පිළිගත්හ. ඉන්පසු ඔව්හු දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කරැවූ සියලු දේ ඔවුන්ට දැන්වූ හ.


ඔව්හු නුවරින් නුවරට ගමන් කරද්දී ජෙරුසලමේ සිටි අපෝස්තුළුවරු විසින් ද සභා මූලිකයන් විසින් ද පනවන ලද නියෝග පවත්වන්නට ඔවුන්ට භාර දුන්හ.


පසුවදා පාවුලු අප සමඟ ජාකොබ් හමු වීමට ගියේ ය. සභා මූලිකයෝ සියලු දෙනා ම එහි සිටියහ.


ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ අපෝස්තුළුවරයෙකු වීමට දේව කැමැත්ත අනුව කැඳවීම ලත් පාවුලු හා අප සොහොයුරු සොස්තනිස්ගෙන්,


එහෙත් ඔබ මහ ඉහළින් සලකන ඔය අපෝස්තුළුවරුන්ට වඩා මම කිසිසේත් පහත් යයි නොසිතමි.


සුබ අස්නේ සත්‍යතාව ඔබ උදෙසා පවිත්‍ර ව තබාගන්නා පිණිස, මොහොතක් වත් අපි ඔවුන්ට යටත් නොවීමු.


ප්‍රේමවන්තයෙනි, අපගේ පොදු ගැළවීම ගැන ඔබ වෙත ලියා එවීමට බොහෝ ප්‍රයත්න දැරුවෙමි. එහෙත් සදහට ම එක වරක් සැදැහැවතුන්ට බාර දුන් ඇදහිල්ල උදෙසා උද්‍යෝගිමත් ව සටන් කරන ලෙස අවවාද කරමින් ඔබ වෙත ලියා එවීම මට අවශ්‍ය වී ඇත.


සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “සෙනඟ නුඹට කී සියල්ල ගැන ඔවුන්ගේ හඬට සවන් දෙන්න. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ නුඹ නොවේ, ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ මා ය. මන්ද, මා ඔවුන් කෙරෙහි රජකම් කිරීමෙන් වළක්වන පිණිස


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්