ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 14:7 - Sinhala New Revised Version 2018

තවද, ඔහුගේ විශේෂ යුද්ධ රථ හයසියයක් ද, මිසරයේ සියලු ම යුද්ධ රථ ද ඔහු සමඟ ගමන් ගත්තේ ය. ඒ සෑම රථයක ම යුද සෙනෙවියෝ සිටියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, ඔහුගේ විශේෂ යුද්ධ රථ හයසියයක් ද, මිසරයේ සියලු ම යුද්ධ රථ ද ඔහු සමඟ ගමන් ගත්තේ ය. ඒ සෑම රථයක ම යුද සෙනෙවියෝ සිටියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තෝරාගත් රථ හසියයක්ද මිසරයේ සියලු රථද ගත්තේය, ඒවා සියල්ල කෙරෙහි සේනා නායකයන්ද පත්කෙළේය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 14:7
11 හුවමාරු යොමු  

තවද, ඔවුන් සමඟ අශ්ව රථ හා අශ්වාරෝහකයෝ ද පිටත් වූ හ. එය අති විශාල අවමඟුල් පෙරහැරක් විය.


සමහරු යුද රිය කෙරෙහි ද ඔවුන්ගේ අශ්වයන් කෙරෙහි ද විශ්වාසය තබති. එහෙත්, අපි නම් දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබමු.


යුද්ධ රථ දසදහස් ගණන් සමඟ සමිඳාණෝ සීනයි කන්දෙන් ශුද්ධස්ථානයට වඩින සේක.


මිසර වැසියෝ ලුහුබැඳ ගියහ; පාරාවෝගේ සියලු අසුන් ද රථ ද අසරුවන් ද ඔවුන් පසුපස මුහුද මැදට ගියහ.


පාරාවෝ ඉන්පසු තම යුද්ධ රථය සූදානම් කොට තම සෙනඟ ද එක්රැස් කොට ගත්තේ ය.


සමිඳාණන් වහන්සේ මිසරයේ රජු වන පාරාවෝගේ සිත දැඩි කළ සේක. ඔහු ජයාන්විත ව රටින් පලා යන ඉශ්රායෙල් ජනයා ලුහුබැඳ ගියේ ය.


එතුමාණෝ, පාරාවෝගේ රිය සෙන් හා බළ ඇණි මූද මැද හෙළූ සේක. උසස් ම සෙන්පතීහු ද රතු මූදට බිලි වූ හ.


නුඹේ රථ වාහන මඟින් නුඹ උස් කඳු, ලෙබනොන් කන්ද, ලෙබනොන් කන්දේ මුදුන පවා, අල්ලාගත්තෙහි යයි මා ඉදිරියේ නුඹේ සේවකයන් ලවා පුරසාරම් දෙඩෙව්වෙහි ය. එහි උස් වූ කිහිරි ගස් හා අනගි දේවදාර ගස් නුඹ කපාදැම්මෙහි යයි ද කඳු මුදුන්වලට හා වනාන්තරවල ඉතා දුර තැන්වලට නුඹ ගියෙහි යයි ද ආඩම්බරයෙන් කීවෙහි ය.


එවිට සමිඳාණන් වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථ ද ඔහුගේ මුළු සේනාව ද බාරාක් ඉදිරියෙහි කඩුව ලෙලවා, ඔවුන් කලඹා විසුරුවාදැමූ සේක. සිසෙරා තමන්ගේ රථයෙන් බැස පයින් පලා ගියේ ය.


ඔහුට යකඩ රථ නවසියයක් තිබිණි. ඔහු ඉශ්රායෙල් සෙනඟට විසි අවුරුද්දක් තුළ බලවත් ලෙස පීඩා කෙළේ ය. එබැවින් ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය.