නාහුම් 2:2 - Sinhala New Revised Version 2018 සතුරා කොල්ලකන්න පෙර ඉශ්රායෙල් දැරූ තේජස හා ජාකොබ්ගේ තේජස සමිඳාණන් වහන්සේ නැවත පිහිටුවන සේක. Sinhala New Revised Version සතුරා කොල්ලකන්න පෙර ඉශ්රායෙල් දැරූ තේජස හා ජාකොබ්ගේ තේජස සමිඳාණන් වහන්සේ නැවත පිහිටුවන සේක. Sinhala Revised Old Version එසේය, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ තේජස මෙන් යාකොබ්ගේ තේජසත් නැවත පිහිටුවනසේක. මක්නිසාද හිස්කරන්නෝ ඒවා හිස්කර, ඒවායේ රිකිලි නාස්තිකළෝය. |
එපා කරන ලද, ද්වේෂයට භාජනය වූ, පාළු වූ, නුවරක් වූ නමුත්, මම නුඹ උතුම්, අලංකාර, සදහට ම ප්‍රීතිය ඇති ස්ථානයක් කරන්නෙමි.
‘මෙන්න මාගේ නාමය තබා තිබෙන නගරයට විපත්ති පමුණුවන්ට මම පටන්ගනිමි; එසේ නම්, නුඹලා දඬුවම් නොලැබ සිටිනු ඇතැ යි නුඹ සිතන්නෙහි ද? නැත. පොළොවේ සියලු වැසියන්ට විරුද්ධ ව මා යුද්ධයක් හටගන්වන නිසා නුඹලා දඬුවම් නොලැබ නොසිටින්නෝ ය. මෙසේ පවසන්නේ, සියලු බලැති ස්වාමීන් වන මම ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මෝවබ් ජාතිය මුල් කාලයේ සිට සුරක්ෂිත ව පැවතිණි. කිසි කලක ඒ ජාතිය වහල්කමට ගෙනයනු නොලැබී ය. මෝවබ් වනාහි, භාජනයෙන් භාජනයට වත් නොකරනු ලැබූ, යටට මණ්ඩි බසින තෙක් භාජනයක නිශ්චල ව ඇති මිදියුස වැනි ය. එහි රස අඩු නොවී ඒ තුළ ම පැවැතේ. එහි සුවඳ වෙනස් වී නැත.
මිදි පල නෙළන්නන් මිදි පල නෙළන්නට ආ විට ඔවුන්ගෙන් හැළෙන ඉතිරි මිදි පල ඇහිඳගන්නට ඉඩ හැරියේ නැද් ද? රාත්‍රියේ සොරුන් ආවොත් ඔව්හු ඇති පමණට වඩා සොරකම් කරන්නෝ ද?
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඉශ්රායෙල් සෙනඟ ගොස් සිටින තැන්වල විජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන වටින් පිටින් ඔවුන් රැස් කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවන්නෙමි.
ඔව්හු තමන්ගේ දේව රූපවලින් වත්, තමන්ගේ පිළිකුල් ක්‍රියාවලින් වත්, තමන්ගේ සියලු ම පාප ක්‍රියාවලින් වත් තමන් කිළුටු කර නොගනිති. ඔවුන් කළ පව්වලින් මම ඔවුන් ගළවා ඔවුන් පිරිසිදු කරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.
ඉශ්රායෙල් සෙනඟ බොහෝ පල දරන සරු මිදි වැලක් මෙන් වූ හ. ඔවුන්ගේ පල වැඩි වන්න වැඩි වන්න ඔව්හු වැඩි වැඩියෙන් පූජාසන සාදාගත්හ. ඔවුන්ගේ දේශය වර්ධනය වූ පමණට ඔව්හු පූජනීය රූපස්ථම්භ වැඩි කරගත්හ.
නිනිවය භේද වී, භින්න වී, භංග වී ඇත; සිත දෙදරා යයි; දණහිස් වෙවුලයි; තුනටිය කකියයි; ඔවුන් සියල්ලන්ගේ මුහුණු සුදුමැළි වෙයි.
වටලෑමකට පාත්‍රවීමේ සූදානමක් වශයෙන් වතුර ඇද රැස් කර තබන්න. බලකොටු ශක්තිමත් කරගන්න. මැටි පාගන්න. ගඩොල් සාදන්න.
ඒ කාලයේ දී, මාගේ සෙනඟ වන නුඹලා මට විරුද්ධ ව කළ ද්‍රෝහි ක්‍රියා නිසා ලජ්ජාවට පත් නොවන්නහු ය. මන්ද, අහංකාරි, අභිමානවත් සියලු දෙනා මම නුඹලා අතරෙන් පහ කරන්නෙමි. ඉන්පසු නුඹලා කිසි කලෙක මාගේ ශුද්ධ කන්දෙහි කැරලි නොගසන්නහු ය.