ජුදාවරු ද සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට තමන් කළ පාපවලින් තමන්ගේ පියවරුන් කළ සියල්ලට වඩා උන් වහන්සේ කෝප කළෝ ය.
ද්විතීය නීතිය 32:16 - Sinhala New Revised Version 2018 අන් දෙවිදේවතාවන්ට වැඳ පුදා, නුරුස්සන ලෙස උන් වහන්සේ පෙළඹවූහ. පිළිකුල් ක්‍රියා කොට, එතුමන් උදහස් කළහ. Sinhala New Revised Version අන් දෙවිදේවතාවන්ට වැඳ පුදා, නුරුස්සන ලෙස උන් වහන්සේ පෙළඹවූහ. පිළිකුල් ක්‍රියා කොට, එතුමන් උදහස් කළහ. Sinhala Revised Old Version ඔව්හු අන් දෙවිවරුන් කරණකොටගෙන උන්වහන්සේ කෝප කළෝය, පිළිකුල් ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කළෝය. |
ජුදාවරු ද සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කොට තමන් කළ පාපවලින් තමන්ගේ පියවරුන් කළ සියල්ලට වඩා උන් වහන්සේ කෝප කළෝ ය.
නුඹට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝප කරන හැටියට අන් දෙවිවරුන් ද වාත්තු පිළිම ද සාදාගෙන මට පිටුපෑවෙහි ය.
ඔවුන් ඉදිරියෙන් සමිඳාණන් වහන්සේ ගෙන ගිය විජාතීන් කළ පරිදි ඒ සියලු ගිරිකුළු දේවාලවල සුවඳ දුම් ඔප්පු කළෝ ය. සමිඳාණන් වහන්සේ උදහස් කරන අන්දමේ නපුරු දේවල් ද කළෝ ය.
ඔව්හු තමන්ගේ පුත්‍රයන් ද දූවරුන් ද ගිනි මැදින් යවා පූජා කළෝ ය. පේන කීම ද ශාස්ත්‍ර බැලීම ද භාවිතා කළෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ උදහස් කරවන ලෙස උන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමට ද භාර වූ හ.
ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජා කෙළේ ය. මායම් හා ශාස්ත්‍ර බැලීම් ද භාවිතා කරමින් ආත්මබන්ධනකාරයන් ද අනවිනකාරයන් ද පත් කෙළේ ය. ඔහු සමිඳාණන් වහන්සේ කෝප කරවන හැටියට උන් වහන්සේගේ ඇස් හමුයෙහි බොහෝ නපුරු දේ කෙළේ ය.
තවද, රජ තෙම ජෙරුසලම ඉදිරිපිට ඔලීව කන්දට දකුණෙන් තිබූ සීදොන්වරුන්ගේ පිළිකුල වූ අෂ්ටාරොත්ටත්, මෝවබ්වරුන්ගේ පිළිකුල වූ කෙමොෂ්ටත්, අම්මොන්වරුන්ගේ පිළිකුල වූ මිල්කොම්ටත් ඉශ්රායෙල් රජ වූ සලමොන් විසින් ගොඩනැඟුණු ගිරිකුළු දේවාල දූෂ්‍ය කෙළේ ය.
මෙසේ ඔව්හු තමන්ගේ ක්‍රියාවලින් එතුමාණන් කුපිත කළහ. ඒ නිසා වසංගතයක් ඔවුන් අතරට පැමිණියේ ය.
මිසදිටු ගිරිකුළු දේවාලවලින් ඔව්හු එතුමාණන් කුපිත කළෝ ය. ඔවුන්ගේ පිළිම රූපවලින් එතුමාණන්ගේ කෝපය ඇවිස්සුවෝ ය.
සිදු වන්න යන දේ මම කලින් දැන්වීමි; ඉන්පසු නුඹලාට පිහිට වන්න මම පැමිණියෙමි. කිසිම විදේශීය දෙවියෙක් ඔබ සමඟ නොසිටියේ ය. මේ බවට නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය.
කිසි ජාතියක් සිය දෙවිවරුන්, ඇත්තට ම දෙවිවරුන් නොවෙතත් ඒ දෙවිවරුන් වෙනස් කරගෙන ඇද් ද? එහෙත්, මාගේ සෙනඟ ඔවුන්ගේ මහිමාන්විතයාණන් නිසරු දේවලට මාරු කරගෙන ඇත.
එම්බා ඉශ්රායෙලය! නුඹේ පාදවල වහන් නැති වෙන්නට වත්, නුඹේ උගුර පිපාසයෙන් වේළෙන්නට වත්, ඉඩ නොදෙන්න. එහෙත්, නුඹ, ‘එය නිෂ්ඵල ය, එසේ නොව මම අමුත්තන්ට ආලය කෙළෙමි, ඔවුන් පසුපස්සේ යමි’යි කියන්නෙහි ය.”
මා කෝප කරවන ලෙස අහස් දේවියට රස කැවිලි සෑදීමටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා පුද කිරීමටත්, දරුවෝ දර එකතු කරති; පියවරු ගිනි මොළවති; ස්ත්‍රීහු පිටි අනති.
සවන් දෙන්න, දේශය මුළුල්ලේ මාගේ සෙනඟ මොරගසමින්, “සමිඳාණන් වහන්සේ සියොන්හි නැද් ද? සියොන්හි රජතුමා එහි නැද්දැ”යි අසන හඬ දස දෙසින් මට ඇසේ. ඔවුන්ගේ රජ්ජුරුවන් වන සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹලා තමන් කැපූ පිළිමවලින් ද විදේශිකයන්ගේ නිෂ්ඵල රූපවලින් ද කුමට මා කෝප කළහු දැ”යි අසන සේක.
එතුමා අතක් වැන්නක් දිගු කොට මාගේ හිසේ කෙස් රොදකින් මා අල්ලාගත්තේ ය. දේවාත්මානුභාවය ද දෙවියන් වහන්සේගෙන් වූ දර්ශනය මඟින් පොළොවටත්, අහසටත් අතරේ මා උසුලාගෙන ගොස්, ජෙරුසලමේ උතුරු දෙස තිබෙන, දේව උදහස උපදවන ද්වේෂ සහගත රූපයක් ඇති ඇතුළු දොරටුවට මා පැමිණෙවුවේ ය.
බොරු දෙවිවරුන් නිසා ඔව්හු මා කුපිත කළහ. එවැනි නිසරු දෙයින් මා උදහස් කළහ. එබැවින් වැදගැම්මක් නැති ජාතියක් ලවා මම ඔවුන් කුපිත කරවමි. අනුවණ සෙනඟක් ලවා මම ඔවුන් උදහස් කරවමි.
නුඹ ඒවාට නමස්කාර නොකරන්න; වැඳුම්පිදුම් නොකරන්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකුන් වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.
ඔබ ඔවුන්ගේ දෙවි දේවතාවන්ගේ නෙළූ පිළිම ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය. ඒ පිළිම මත ඇති රිදීවලට හෝ රන්වලට හෝ ආසා නොකළ යුතු ය. ඔබේ ප්‍රයෝජනයට ඒවා නොගත යුතු ය. එසේ කළොත් ඒවා ඔබට මලපතක් විය හැකි ය. මේ සියල්ල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුල් ය.