නියම කළ ප්‍රමාණයට ගල්වළෙහි දී කැපූ ගල්වලින් මාලිගාව ගොඩනැඟුව බැවින් මාලිගාව ගොඩනැඟීමේ දී මිටියක වත්, පොරවක වත්, වෙන කිසි යකඩ ආයුධයක වත් ශබ්දයක් නොඇසිණි.
ද්විතීය නීතිය 27:6 - Sinhala New Revised Version 2018 දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය නොකැපූ ගලින් ඉදි කළ යුතු ය. උන් වහන්සේගේ මහිමයට ඒ පූජාසනය මත දවන යාග පූජා ඔප්පු කළ යුතු ය. Sinhala New Revised Version දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය නොකැපූ ගලින් ඉදි කළ යුතු ය. උන් වහන්සේගේ මහිමයට ඒ පූජාසනය මත දවන යාග පූජා ඔප්පු කළ යුතු ය. Sinhala Revised Old Version නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පියවි ගල්වලින් ගොඩනගා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඒක පිට දවන පූජාවන් පූජාකොට, |
නියම කළ ප්‍රමාණයට ගල්වළෙහි දී කැපූ ගල්වලින් මාලිගාව ගොඩනැඟුව බැවින් මාලිගාව ගොඩනැඟීමේ දී මිටියක වත්, පොරවක වත්, වෙන කිසි යකඩ ආයුධයක වත් ශබ්දයක් නොඇසිණි.
එහෙත්, මා සඳහා නුඹලා ගලින් පූජාසනයක් සාදන්නහු නම් නුඹලා එය කැපූ ගලින් ඉදි නොකරන්න. මන්ද, මෙවලමකින් නෙළන විට එය දූෂ්‍ය වන හෙයිනි.
ක්‍රිස්තුන් වහන්සේ අපට ප්‍රේම කොට, මිහිරි සුගන්ධ පූජාවක් ද යාගයක් ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළාක් මෙන්, ඔබත් ප්‍රේමයෙන් ජීවත් වන්න.
එහි දී දෙවි සමිඳාණන් වහන්සේට, ගලින් පූජාසනයක් ගොඩනැගිය යුතු ය. එහෙත්, කිසි ම යකඩ ආයුධයක් ඒ ගල්වලට නොතැබිය යුතු ය.
සහභාගිකමේ පූජා ද එහි ඔප්පු කොට, ඒවා එහි අනුභව කොට, දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.