Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 27:7 - Sinhala New Revised Version 2018

7 සහභාගිකමේ පූජා ද එහි ඔප්පු කොට, ඒවා එහි අනුභව කොට, දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 සහභාගිකමේ පූජා ද එහි ඔප්පු කොට, ඒවා එහි අනුභව කොට, දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ශාන්ති පූජාවල්ද ඔප්පුකර, එහිදී කමින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 27:7
24 හුවමාරු යොමු  

උන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සාමයේ සුබ අස්න ප්‍රකාශ කරමින් ඉශ්රායෙල් පුත්‍රයනට දහම් පණිවුඩය දුන් සේක. ඒ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සියල්ලන්ගේ සමිඳාණෝ ය.


සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නෙමි. මාගේ ගැළවීමේ දෙවිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්නෙමි.


ඔබ ගැළවීමේ ළිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නහු ය.


එහි දී ඔබ ද ඔබේ ගෙවැසියන් ද දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආහාර අනුභව කොට ඔබ හැම උන් වහන්සේගේ ආශීර්වාදයට පාත්‍ර වී ඔබ කළ සියල්ල ගැන ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


උන් වහන්සේ කරණකොටගෙන මුළු විශ්වය ම තමන් හා සමඟි කරගැනීමට පියාණන් වහන්සේ සතුටු වූ බැවින්, කුරුසිය මත පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුකොටගෙන සාමදානය ඇති කරමින්, උන් වහන්සේ කරණකොටගෙන සගලොවෙත් මෙලොවෙත් ඇති සියලු දේ සමඟි කළ සේක.


සමිඳාණන් වහන්සේ තුළ නිතර ම ප්‍රීති වන්න. ප්‍රීති වන්නැ යි නැවතත් කියමි.


නියම චර්මඡේදිතයෝ නම්, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් උන් වහන්සේට නමස්කාර කරන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පාරට්ටු කරගන්න, බාහිර වත්පිළිවෙත් පිට විශ්වාසයක් නොතබන අපි වම්හ.


අපි සතුරන් ව සිටිය දී ම දේව පුත්‍රයාණන්ගේ මරණය නිසා උන් වහන්සේ සමඟ සමඟි කරනු ලැබුවෙමු නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, දැන් ඊටත් වඩා ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය නිසා ගැළවීම ලබමු.


අප ඇදහිල්ලෙන් දමිටු බවට පමුණුවනු ලැබූ බැවින් අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ හා සමඟ අපට සාමදානය ඇත.


මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.


සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්‍රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක. ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ. එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය.


එවිට ඔහු ඔවුන්ට කතා කොට, “ඔබ ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම් කර නොගත් අයට ආහාර පංගු යවන්න. කුමක් නිසා ද අද දින අපේ සමිඳාණන් වහන්සේට ශුද්ධ දිනයකි. ශෝක නොවන්න. මන්ද, සමිඳාණන් වහන්සේ කෙරෙහි ප්‍රීති වීම ඔබේ ශක්තිය වේ ය”යි කී ය.


මෙසේ පවත්වන ඒ මංගල්‍යයේ දී ඔබ ද ඔබේ පුතා ද දුව ද ඔබේ දැසිදසුන් ද ලෙවීවරුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


මෙසේ කළ පසු දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීමට තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි, ඔබ ද ඔබේ පුතා සහ දුව ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ඔබ සමඟ සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


එවිට ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ දරුදැරියන් ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. ලෙවීවරුන්ට වනාහි ඔබ සමඟ උරුමයක් හෝ රටින් කොටසක් හෝ අයිති නොවනු ඇත.


දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය නොකැපූ ගලින් ඉදි කළ යුතු ය. උන් වහන්සේගේ මහිමයට ඒ පූජාසනය මත දවන යාග පූජා ඔප්පු කළ යුතු ය.


තවද, ඒ ගල් කණු මත මේ ආඥාව සම්පූර්ණයෙන් ම පැහැදිලි ව කෙටිය යුතු ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්