ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 24:6 - Sinhala New Revised Version 2018

“කිසිවෙකු සෙක්කුවක් හෝ ඇඹරුම් ගලක් හෝ උකස වශයෙන් නොගත යුතු ය. එසේ කිරීම යමෙකුගේ ජීවිතය උකසට ගන්නාක් මෙනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“කිසිවෙකු සෙක්කුවක් හෝ ඇඹරුම් ගලක් හෝ උකස වශයෙන් නොගත යුතු ය. එසේ කිරීම යමෙකුගේ ජීවිතය උකසට ගන්නාක් මෙනි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කිසිවෙක් ඇඹරුම් යන්ත්‍රයවත් උඩ ගලවත් උකසට නොගනීවා. මක්නිසාද එය ප්‍රාණය උකසට ගැනීම වේ.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 24:6
9 හුවමාරු යොමු  

දැන් ඉතින් ඔබේ දාසයා වන මාගේ පියා වෙත මා පැමිණි විට අප සමඟ ළමයා නැත්නම්, ඔහුගේ පණ කෙන්ද ළමයාගේ පණ කෙන්ද සමඟ වෙළී පවතින බව මට පෙනෙන නිසා,


ඔබ අසාධාරණ ලෙස සොහොයුරන්ගෙන් උකස් ගත්තෙහි ය; ඇඳුම් නැති අයගෙන් රෙදිපිළි උදුරා ගත්තෙහි ය.


ස්ත්‍රීහු දෙදෙනෙක් ඇඹරුම් ගලේ අඹරමින් සිටිති; එක් තැනැත්තියක් ගනු ලබන්නී ය; අනික් තැනැත්තිය හැරදමනු ලබන්නී ය.


“තවද, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වෙන්නට බලාගන්න; මනුෂ්‍යයකුට කොතරම් දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ උපමාවක් කියමින් මෙ‍සේ වදාළ සේක;


“යම් නුවරක් අල්ලාගැනීම සඳහා සටනක යෙදී, බොහෝ කාලයක් එය වටලාගෙන සිටින විට, එහි ඇති ගස් කොළන් පොරොවකින් වැනසිය යුතු නොවේ. ඒවායින් ඔබට කන්නට පුළුවන. ඒවා නොකැපිය යුතු ය; නගරයක් වැටලීමේ දී එහි ඇති ගස් කොළන්, ඔබේ සතුරන් නොවන බව සැලකිය යුතු ය.


“යම් පුරුෂයෙකු අලුතෙන් බිරිඳක පාවාගත් පසු, ඔහු යුද්ධයට පිටත් ව නොයා යුතු ය. වෙනත් රාජකාරි සම්බන්ධ වගකීමක් ඔහුට නොපැවරිය යුතු ය. අවුරුද්දක් ඔහු ගෙදර නැවතී සිට තමා පාවාගත් බිරිඳ සතුටු කළ යුතු ය.”


“යමෙකු ඉශ්රායෙල් ජනයා අතර කෙනෙකු පැහැරගෙන ඔහු වහලෙකු කළොත් හෝ ඔහු විකුණුවොත් හෝ එවැනි සොරෙකු මරාදැමිය යුතු ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු ය.


වීණා වාදකයන්ගේ ද ගන්ධර්වයන්ගේ ද නළාකාරයන්ගේ ද හොරණෑකාරයන්ගේ ද ගීත නාදය තී තුළ තවත් නොඇසේ; කොයි ආකාර කර්මාන්ත කාරයෙක් වත් තී තුළ තවත් දකිනු නොලැබේ. ඇඹරුම් ගලේ හඬ තී තුළ තවත් නොඇසේ.