ඒ වරද ජෝවාබ්ටත්, ඔහුගේ පියාගේ මුළු වංශයටත් පඩිසන් දේ වා! ජෝවාබ්ගේ වංශයෙහි ප්‍රමේහ රෝගයක් ඇති කෙනෙකු හෝ කුෂ්ඨ රෝගියෙකු හෝ හැරමිටි වාරුවෙන් යන කෙනෙකු හෝ කඩුවෙන් වැටෙන කෙනෙකු හෝ කෑම හිඟ වූ කෙනෙකු හෝ නොසිටින කාලයක් කිසි කලෙක නොවේ වා!”යි කීවේ ය.
ද්විතීය නීතිය 21:6 - Sinhala New Revised Version 2018 ඉන්පසු, මරන ලද තැනැත්තාට ඉතා කිට්ටු නගරයේ ප්‍රජා මූලිකයන්, දිය ගලා යන ස්ථානයේ ගෙල සිඳින ලද එළ නෑම්බියගේ හිස මත තමන්ගේ අත් සෝදාගත යුතු ය. Sinhala New Revised Version ඉන්පසු, මරන ලද තැනැත්තාට ඉතා කිට්ටු නගරයේ ප්‍රජා මූලිකයන්, දිය ගලා යන ස්ථානයේ ගෙල සිඳින ලද එළ නෑම්බියගේ හිස මත තමන්ගේ අත් සෝදාගත යුතු ය. Sinhala Revised Old Version මළකඳට කිට්ටුව තිබෙන නුවර සියලු වැඩිමහල්ලෝ මිටියාවතේදී බොටුව කඩනු ලැබූ නෑම්බී මත්තේ තමුන්ගේ අත් සෝදා උත්තරදෙමින්: |
ඒ වරද ජෝවාබ්ටත්, ඔහුගේ පියාගේ මුළු වංශයටත් පඩිසන් දේ වා! ජෝවාබ්ගේ වංශයෙහි ප්‍රමේහ රෝගයක් ඇති කෙනෙකු හෝ කුෂ්ඨ රෝගියෙකු හෝ හැරමිටි වාරුවෙන් යන කෙනෙකු හෝ කඩුවෙන් වැටෙන කෙනෙකු හෝ කෑම හිඟ වූ කෙනෙකු හෝ නොසිටින කාලයක් කිසි කලෙක නොවේ වා!”යි කීවේ ය.
දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි.
ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි.
නුඹ ලුණු මුසු දියෙන් නුඹ ම සෝදා ගත්තත්, බොහෝ සේ සබන් ගාගත්තත්, නුඹේ පාප මා ඉදිරියෙහි නොමැකී පෙනේ. මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ය.
මේවා කෑමබීමවලින් හා විවිධාකාර ආගමික ධෝවනවලින් සමන්විත බාහිර වත්පිළිවෙත් පමණකි. මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණ ය.