ද්විතීය නීතිය 19:18 - Sinhala New Revised Version 2018 විනිශ්චයකරුවන් නඩුව හොඳින් විභාග කළ පසු, සාක්ෂිකරු බොරු සාක්ෂිකරුවෙකු බවත්, තම සොහොයුරාට විරුද්ධ ව ඔහු බොරු සාක්කි දුන් බවත් පෙනී යන්නේ නම්, Sinhala New Revised Version විනිශ්චයකරුවන් නඩුව හොඳින් විභාග කළ පසු, සාක්ෂිකරු බොරු සාක්ෂිකරුවෙකු බවත්, තම සොහොයුරාට විරුද්ධ ව ඔහු බොරු සාක්කි දුන් බවත් පෙනී යන්නේ නම්, Sinhala Revised Old Version විනිශ්චයකාරයෝද හොඳාකාරයෙන් විභාගකරත්වා. එවිට ඔහු බොරු සාක්ෂිකාරයෙක් බවත් තමාගේ සහෝදරයාට විරුද්ධව බොරු සාක්ෂි කී බවත් පෙනුණොත්, |
මාගේ එදිරිකරුවන්ගේ අභිප්‍රායවලට මා පාවා නුදුන මැනව. බොරු සාක්ෂිකාරයෝ ද කෲර ලෙස තර්ජන කරන්නෝ ද මට විරුද්ධ ව නැඟී සිටිති.
ඔබ ඒ ගැන විමසා සොයා බලා, හොඳින් තතු දැනගෙන, මෙබඳු පිළිකුල් දෙයක් ඔබ අතර ඇත්තට ම කිසි සැකයක් නැතුව ම සිදු වී යයි ඒත්තු ගියහොත්,
එවැන්නක් දැනගන්නට ලැබුණොත්, ඔබ ඒ ගැන හොඳාකාර විභාග කළ යුතු ය. ඉශ්රායෙල් ජනයා අතර එවැනි පිළිකුලක් සිදුවූ බව නිසැක ව සත්‍ය ලෙස පෙනී ගියොත්
“මිනිසුන් අතර ආරාවුලක් හටගෙන, උසාවියට ගිය විට, විනිශ්චයකරුවන් ආරාවුල් විසඳමින්, නිවැරදිකරු නිදොස් කොට, වරදකරුට දඬුවම් දිය යුතු ය.