ද්විතීය නීතිය 19:19 - Sinhala New Revised Version 201819 සාක්ෂිකරු විත්තිකරුට කරන්නට අදහස් කළ දෙය, සාක්ෂිකරු හට ම දිය යුතු ය. මෙලෙස ඔබ, ඔබ අතරෙන් මෙවැනි නපුරුකම් පහකළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 සාක්ෂිකරු විත්තිකරුට කරන්නට අදහස් කළ දෙය, සාක්ෂිකරු හට ම දිය යුතු ය. මෙලෙස ඔබ, ඔබ අතරෙන් මෙවැනි නපුරුකම් පහකළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 ඔහු තමාගේ සහෝදරයාට කරන්ට සිතූ හැටියටම ඔහුට කරන්න. මෙසේ නුඹලා අතරෙන් නපුර පහකරන්න. පරිච්ඡේදය බලන්න |
ඒ දිවැසිවරයා හෝ ස්වප්න තෝරන්නා හෝ මරණයට පත් කළ යුතු ය. මන්ද, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා, වහල්කමේ නිවාසයෙන් ඔබ මුදාගත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඈත් කිරීමට ඔහු වැරවෑයම් කළ බැවිනි. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ ඉවත් කිරීමට ඔහු වෑයම් කළ බැවින් ඔබ අතරෙන් එවැනි නපුරක් පහකොට දැමිය යුතු ය.
“එක මවකගෙන් උපන් ඔබේ සොහොයුරා හෝ ඔබේ පුතා හෝ දුව හෝ ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ හෝ ඔබට පණ මෙන් සිටින ඔබේ මිතුරා හෝ රහසින් ඔබ පොළඹවමින් ඔබ වත් ඔබේ පියවරුන් වත් නොදත්, ඔබ අවට ඉතා කිට්ටුවෙන් හෝ බොහෝ දුරින් හෝ ලෝකයේ එක් කොණක සිට අනික් කොණ දක්වා හෝ සිටි ජනතාවන්ගේ ‘දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු’යි කීවොත්,