එවිට රජ බෙනායාට කතා කොට, “ඔහු කී ලෙස ඔහුට පහර දී මරා භූමදාන කරන්න. එසේ කිරීමෙන් ජෝවාබ් නිකරුණේ වගුළ ලේ මා කෙරෙන් ද මාගේ පියාගේ වංශයෙන් ද ඔබ පහකරනු ඇත.
ද්විතීය නීතිය 19:10 - Sinhala New Revised Version 2018 එවිට දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන ඒ ඔබේ දේශයෙහි ඔබ නිදොස් ලේ නොවගුරන්නහු ය. Sinhala New Revised Version එවිට දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන ඒ ඔබේ දේශයෙහි ඔබ නිදොස් ලේ නොවගුරන්නහු ය. Sinhala Revised Old Version නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට උරුමයක් කොටදෙන ඒ දේශය මධ්‍යයෙහි නිදොස් ලේ වැගිරවීමෙන් නුඹ පිටට ලෙයේ දෝෂය නොපැමිණෙන පිණිස, මේ නුවරවල් තුන හැර තවත් තුනක් වෙන්කර ගන්න. |
එවිට රජ බෙනායාට කතා කොට, “ඔහු කී ලෙස ඔහුට පහර දී මරා භූමදාන කරන්න. එසේ කිරීමෙන් ජෝවාබ් නිකරුණේ වගුළ ලේ මා කෙරෙන් ද මාගේ පියාගේ වංශයෙන් ද ඔබ පහකරනු ඇත.
තවද, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරන ලෙස, එසේ, ජුදා ගෝත්‍රය පාපයට පෙළඹවීමෙන් ඔහු විසින් කරන ලද පාපය හැර, ඔහු ජෙරුසලමෙහි එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝ කොට වැගිර වී ය.
ඔහු වැගිරෙවූ නිදොස් ලේ නිසාත් ය. මන්ද, ඔහු වැගිරෙවූ නිදොස් අයගේ ලේ ජෙරුසලම පුරා ගලා ගියේ ය. ඔහුට කමා වන්නට සමිඳාණන් වහන්සේට නොහැකි විය.
ඔව්හු දැහැමියාගේ ජීවිතයට විරුද්ධ ව කුමන්ත්‍රණය කරන්නෝ ය; නිදොස් තැනැත්තා රහසිගත ව වරදට පත් කරන්නෝ ය.
නපුරුකම් කිරීමට නුඹලා යුහුසුළු වන්නහු ය. නිදොස් අයගේ ලේ වැගිරීමට ඉක්මන් වන්නහු ය. නුඹලාගේ සිතුවිලි පාපතර සිතුවිලි ය. නුඹලා යන යන තැන නාස්තිය හා විනාශය ඇති වේ.
ජුදා වැසියන්ට බලහත්කාරකම් කොට, ඒ රටේ මිනිසුන් මරාදැමූ නිසා මිසර දේශය පාළුකරයක් වන්නේ ය. ඒදොම් රට මරුකතරක් වන්නේ ය.
එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට හඬ ගසා, “අහෝ සමිඳුනි, මේ මිනිසාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නො වේ වා! නිදොස් කෙනෙකුගේ මරණයට අපි වගකිව යුත්තෝ නොවෙම් වා! මන්ද, සමිඳුනි, ඔබේ කැමැත්ත පරිදි ඔබ ක්‍රියා කළ සේකැ”යි කී හ.
නුඹලා එලෙස කර, නුඹලා වසන රට නොකෙලෙසිය යුතු ය. ලේ වැගිරීමෙන් රට කෙලෙසෙනු ඇත. මිනීමරුවා මරණයට පත් කිරීමෙන් මිස, ඔහු විසින් වගුරුවන ලද ලෙයින් තෙත් වූ රට පවිත්‍ර කිරීමට අන් මගක් නැත.
ඔබ ඔහුට අනුකම්පා නොදක්වා, ඉශ්රායෙල් ජනයා අතරෙන් නිදොස් ලේ හැළීම පිළිබඳ වරදකරු නෙරපාදැමිය යුතු ය. එවිට ඔබට ශුභසිද්ධිය සැලසෙන්නේ ය.”
“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උරුමයක් වශයෙන් ඔබට අයිති කර දෙන්නට යන දේශයට ඔබ පැමිණ, එහි පදිංචි වූ පසු,
“තවද, උන් වහන්සේ ඔබ නිසා මා සමඟ කිපී ජොර්දාන් ගඟෙන් මට එතෙර වීමටත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන්නට යන සරුසාර දේශයට මට ඇතුළු වීමටත් ඉඩ නොදෙන බවට දිවුළ සේක.
ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?”