මාගේ විලාපය අමතක කොට, ‘මම මාගේ දොම්නස් පෙනුම සොම්නසට වෙනස් කරමි’යි කීවත්,
මාගේ විලාපය මතකනැතිකර, මාගේ දුක්මුසු පෙනීම වෙනස් කරගෙන, සොම්නස්වන්නෙමියි කීවත්,
මා කතා කළත් මාගේ දුක තුනී වන්නේ නැත. මා නිහඬ ව සිටියත් මට ඇති සහනය කුමක් ද?
“මට නම්, කට වසාගෙන ඉන්න බැරි ය; දැඩි සිත් තැවුළින් මම කතා කරමි. මා හද තුළ ඇවිලෙන සෝගින්නෙන් විලාප කියමි.
‘මාගේ ඇඳෙහි මම සහනය ලබමි. මාගේ යහනෙහි සෝදුක නැති කරගනිමි’යි මම සිතන්නෙමි.
මා කියන දේ සලකා පිළිතුරු දුන මැනව. මම කරදරයෙහි ගිලී සිටිමි.
අහෝ! මාගේ දුක සංසිඳුවන්නට බැරි තරම් ය; මාගේ සිත කම්පා වී ඇත.