දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?
යෝබ් 8:19 - Sinhala New Revised Version 2018 ඉන් ඇති වන ප්‍රීතිය නම්, එම බිමෙන් අන් පැළෑටි මතු වීම ය. Sinhala New Revised Version ඉන් ඇති වන ප්‍රීතිය නම්, එම බිමෙන් අන් පැළෑටි මතු වීම ය. Sinhala Revised Old Version ඔහුගේ මාර්ගයේ ප්‍රීතිය නම් මේය, ඒ බිමෙන් වෙන අය නැගී එන්නෝය. |
දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?
එහෙත්, විනිශ්චය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන් ය. කෙනෙකු පහතට හෙළන්නේ ද කෙනෙකු ඉහළට ඔසවන්නේ ද උන් වහන්සේ ම ය.
එවිට, ස්වාමීන් වන මා උස් ගහ පහත් කළ බවත්, මිටි ගහ උස් කළ බවත්, සරු ගහ වියළි කළ බවත්, වියළි ගහ සරුකර ඇති බවත් දේශයේ සියලු ගස් දැනගනු ඇත. ස්වාමීන් වන මම මෙසේ වදාළෙමි; වදාළ ලෙස ම කරමි.”
‘ආබ්‍රහම් අපගේ පියාණෝ ය’යි කියාගන්නට නොසිතන්න. ඒ මන්ද, මේ ගල්වලින් වුව ද ආබ්‍රහම්ට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි.
අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.