යෝබ් 5:24 - Sinhala New Revised Version 2018 ඔබේ කූඩාරමෙහි සාමය වැජඹෙන බව ඔබ දන්නෙහි ය; බැටළු ගාලෙන් කිසිදු සතෙකු නැති නොවන බව ඔබ දන්නෙහි ය. Sinhala New Revised Version ඔබේ කූඩාරමෙහි සාමය වැජඹෙන බව ඔබ දන්නෙහි ය; බැටළු ගාලෙන් කිසිදු සතෙකු නැති නොවන බව ඔබ දන්නෙහි ය. Sinhala Revised Old Version මෙසේ නුඹේ කූඩාරම සමාදානයෙන් තිබෙන බව නුඹ දැනගන්නෙහිය; නුඹේ ගාල බලන්ට ගිය කල කිසිවක් නැතිනුවූ බවද දකින්නෙහිය. |
ඔබ නිදොස් ව, අවංක ව සිටින්නෙහි නම්, සැබැවින් එතුමාණන් ඔබ වෙනුවෙන් පිබිද, ඔබේ දැහැමි නිවෙසට ආසිරි වස්වනු ඇත.
“නුඹ ගොස් ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් රැස් කොට, ඔවුන් අමතා, ‘ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ වන, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මට දර්ශනය වී කතා කොට, මම සැබැවින් ම ඔබ වෙත පැමිණ, මිසර වාසීන් ඔබට කරන දේ දිටිමි.
දාවිත් ද ඔහුගේ සෙනඟ ද නුවරට පැමිණි කල, එය ගිනි ලා තිබෙන බවත්, ඔවුන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද වහල්කමට ගෙන යන ලද බවත් දුටු හ.