ඌ වේගයෙන් දුවයි. පැතිරී යන හොරණෑ හඬ ඇසෙන විට, ඌට නිසල ව සිටිය නොහැකි ය. ඒ ඒ හොරණෑ හඬට ඌ සතුටු හඬ නඟයි. සටන ද සෙනෙවියන් අණ දෙන හඬ ද ඌ ඉව අල්ලා දුර දී ම දැන ගනියි.
යෝබ් 39:26 - Sinhala New Revised Version 2018 උකුස්සා අහසට නැගී දකුණු දෙසට පියාපත් විදහා යන්නේ නුඹේ නුවණින් ද? Sinhala New Revised Version උකුස්සා අහසට නැගී දකුණු දෙසට පියාපත් විදහා යන්නේ නුඹේ නුවණින් ද? Sinhala Revised Old Version උකුස්සා ඉහළ නැගී දකුණු දිශාව දෙසට උගේ පියාපත් විදහන්නේ නුඹේ නුවණින්ද? |
ඌ වේගයෙන් දුවයි. පැතිරී යන හොරණෑ හඬ ඇසෙන විට, ඌට නිසල ව සිටිය නොහැකි ය. ඒ ඒ හොරණෑ හඬට ඌ සතුටු හඬ නඟයි. සටන ද සෙනෙවියන් අණ දෙන හඬ ද ඌ ඉව අල්ලා දුර දී ම දැන ගනියි.
අහසේ ඉගිලෙන මානකොකා ඔබමොබ යනෙන කාලය දනියි; කොබෙයියා ද වැහිලිහිණියා ද කොකා ද ආපසු පැමිණීමේ කාලය දැන සිටිති. එහෙත් මාගේ සෙනඟ, නුඹලා මාගේ අණපනත් නොදන්නහු ය.
“ඉන්පසු ආරොන් තමා උදෙසා පුදන පාප පූජාවේ ගොන් වස්සා ගෙන තමා උදෙසා ද ගෙදර වැසියන් උදෙසා ද පව් කමාවේ පිළිවෙත ඉටු කර ඌ මැරිය යුතු ය.