මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක්, එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකය ද, රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකය ද සෑදූ සේක; තාරකා ද සෑදූ සේක.
යෝබ් 38:7 - Sinhala New Revised Version 2018 ඒ අරුණෝදයෙහි පහන්තරු ගී ගැයී ය. සියලු දෙවි පුත්හු තුති ගොස නැඟුවා හ. Sinhala New Revised Version ඒ අරුණෝදයෙහි පහන්තරු ගී ගැයී ය. සියලු දෙවි පුත්හු තුති ගොස නැඟුවා හ. Sinhala Revised Old Version දෙවියන්වහන්සේගේ සියලු පුත්‍රයන් ප්‍රීති ඝෝෂා පවත්වද්දී, ඒකේ කොනේ ගල තැබුවේ කවුද? |
මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක්, එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකය ද, රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකය ද සෑදූ සේක; තාරකා ද සෑදූ සේක.
තවද, එක් දිනෙක සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ අවස්ථාවේ දී විරෝධකාරී සාතන් ද ඔවුන් අතර විය.
නැවත සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ විට සාතන් ද ඔවුන් අතර විය.
විශාල කන්දක් වුවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේ ය. දේව මාලිගාව නැවත ගොඩනඟා, ‘කදිම ය, කදිම ය’ කියා කෑගසන අතර එහි මුල් ගල නුඹ තබන්නෙහි ය.”
“ජේසුස් වහන්සේ වන මම සභාවන්ගේ යහපත උදෙසා මේ දේවල් ප්‍රකාශ කරන පිණිස මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිත්ගේ වංශයේ මුල ද එයින් පැවත එන්නා ද වෙමි. මම සුදිළෙන පහන් තරුව වෙමි.”
එවිට මා බැලූ කල, සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් ද කුලදෙටුවන් ද සිසාරා සිටි මහා දේව දූත පිරිසක් දිටිමි. ඔවුන්ගේ හඬ ද මට ඇසුණේ ය. ඔවුන්ගේ ගණන දස දහසක් වර දස දහසක් ද දහස් වර දහසක් ද විය.