Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එළිදරව් 5:11 - Sinhala New Revised Version 2018

11 එවිට මා බැලූ කල, සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් ද කුලදෙටුවන් ද සිසාරා සිටි මහා දේව දූත පිරිසක් දිටිමි. ඔවුන්ගේ හඬ ද මට ඇසුණේ ය. ඔවුන්ගේ ගණන දස දහසක් වර දස දහසක් ද දහස් වර දහසක් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එවිට මා බැලූ කල, සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් ද කුලදෙටුවන් ද සිසාරා සිටි මහා දේව දූත පිරිසක් දිටිමි. ඔවුන්ගේ හඬ ද මට ඇසුණේ ය. ඔවුන්ගේ ගණන දස දහසක් වර දස දහසක් ද දහස් වර දහසක් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 එවිට මා බැලූ කල, සිංහාසනය ද ජීවමාන සත්වයින් ද වැඩිමහල්ලන් ද වටා, දේව දූතයින් සමූහයකගේ කටහඬ මට ඇසිණි. ගණනින් දස දහස්වර දස දහසක් ද දහස්වර දහසක් ද වූ

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 තවද මම බැලීමි, එවිට සිංහාසනයද ජීවමාන සත්වයන්ද වැඩිමහල්ලන්ද වටකර බොහෝ දේවදූතයන් සිටිනවා දුටිමි, ඔවුන්ගේ හඬද මට ඇසුණේය; ඔවුන්ගේ ගණන දසදහසක් වර දසදහසක් සහ දහස්වර දහස්ව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 5:11
18 හුවමාරු යොමු  

මීකායා කතා කොට, “එබැවින් ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ඇසුව මැනව. සමිඳාණන් වහන්සේ තම සිංහාසනයේ වැඩ හිඳිනු ද, මුළු ස්වර්ග සේනාව උන් වහන්සේ ළඟ උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනු ද මම දිටිමි.


සමිඳුන්ගේ අණ පිළිපදින, එතුමාණන්ගේ වචනයට සවන් දෙන, එතුමාණන්ගේ බලවන්ත දූතයෙනි, එතුමාණෝ පසසන්න.


එතුමාණන්ගේ සියලු දූතයෙනි, එතුමාණෝ පසසන්න. එතුමාණන්ගේ මුළු සේනාවෙනි, එතුමාණෝ පසසන්න.


යුද්ධ රථ දසදහස් ගණන් සමඟ සමිඳාණෝ සීනයි කන්දෙන් ශුද්ධස්ථානයට වඩින සේක.


“සමිඳාණෝ සීනයි කන්දේ සිට වැඩිය සේක. සේයිර් පෙදෙසේ සිට ඔවුන්ට උදා වූ සේක. පාරාන් කන්දේ සිට බැබළුණු සේක. දස දහසක් දේව දූතයන් ඇති ව පැමිණි සේක. දකුණත ගිනි දැල්ලක් සමඟ වැඩිය සේක.


එහෙත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දට ය; ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය වූ ස්වර්ගීය ජෙරුසලමට ය; කෝටි සංබ්‍යාත දේව දූත සේනාවන්ගෙන් යුත් මහා රැස්වීමට ය;


ආදම්ගේ පෙළපතෙහි සත්වැන්නා වූ ඒනොක් මොවුන් ගැන දිවැස් වැකි පවසමින්: “බලන්න, සමිඳාණන් වහන්සේ දස දහසක් ගණන් ස්වකීය ශුද්ධ දූතයන් සමඟ වැඩම කළ සේක.


එවිට විශාල ජන සමූහයකගේ ඝෝෂාව මෙන් ද, සමුද්‍ර ඝෝෂාවක් මෙන් ද, බලවත් හෙන හඬක් මෙන් ද ශබ්දයක් මට ඇසිණි. ඒ හඬ මෙසේ කී ය: “අලේලූයා! අපගේ සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේ රජකම් කිරීමට පටන්ගෙන ඇත.


මේ සිංහාසනය වටේ තව සිංහාසන විසිසතරක් විය. ඒ සිංහාසනවල කුලදෙටුවන් විසිසතරදෙනෙකු ධවල වස්ත්‍ර හැඳ, සිය හිස් මත රන් ඔටුනු දරාගෙන වාඩි වී සිටිනු මම දිටිමි.


සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමාන වීදුරු සමුද්‍රයක් වැනි දර්ශනයක් විය. ඒ සිංහාසනය මැද හා අවටින්, ඉදිරියෙන් හා පිටුපසින්, ඇස් රාශියක් ඇති ජීවමාන සත්ත්වයෝ සතර දෙනෙක් වූ හ.


ජීවමාන සත්ත්වයෝ සතර දෙනා ද “ආමෙන්” යයි කී හ. කුලදෙටුවෝ වැඳ වැටී නමස්කාර කළහ.


එවිට සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද කුලදෙටුවන් ද මධ්‍යයෙහි මරනු ලැබුවාක් මෙන් පෙනුණු බැටළු පෝතකයෙකු සිටිනු මම දිටිමි. ඒ බැටළු පෝතකයාට අං සතක් ද ඇස් සතක් ද විය. ඇස් සත නම්, ලොව පුරා යවනු ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයෝ සත් දෙනා ය.


එසේ පොත ගත් කල ජීවමාන සත්ත්වයෝ සතර දෙනා හා කුලදෙටුවෝ විසිසතර දෙනා, එකිනෙකා වීණාවක් ද, සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍ර ද රැගෙන බැටළු පෝතකයාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් සැදැහැවතුන්ගේ යාච්ඤා ය.


සියලු දේව දූතයෝ සිංහාසනය ද කුලදෙටුවන් ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද සිසාරා, සිංහාසනය ඉදිරියෙහි වැඳ වැටී, දෙවියන් වහන්සේට නමස්කාර කරමින්,


අසරු සේනාවන්ගේ ගණන විසි කෝටියකැ යි ඔවුන්ගේ සංබ්‍යාව කියනු ඇසීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්