යෝබ් 37:16 - Sinhala New Revised Version 2018 සර්ව ප්‍රඥාවෙන් යුත් දෙවිඳුන්ගේ විස්මයජනක මැවිලි වන වලාකුළු අහසේ පාවෙන හැටි ඔබ දන්නෙහි ද? Sinhala New Revised Version සර්ව ප්‍රඥාවෙන් යුත් දෙවිඳුන්ගේ විස්මයජනක මැවිලි වන වලාකුළු අහසේ පාවෙන හැටි ඔබ දන්නෙහි ද? Sinhala Revised Old Version දැනගැන්මෙන් සම්පූර්ණව සිටින තැනන්වහන්සේගේ පුදුම ක්‍රියා, එනම්, වලාපටල එල්ලී තිබෙන ආකාරය නුඹ දන්නවාද? |
වලාපටල විහිදී යන්නේ කෙසේ ද කියාවත්, එතුමාණන්ගේ මණ්ඩපවලින් ගිගුරුම් නඟින්නේ කෙසේ ද කියාවත් දන්නෝ කවුරු ද?
මන්ද, මාගේ තර්කවල බොරුවක් නැත. විශිෂ්ට පැණවතෙකු ඔබ ඉදිරියෙහි සිටින බව ඔබට පෙනෙනු ඇත.
සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත;
දරු මුණුබුරන් කෙරෙන් නොසඟවා ඊළඟ පරපුරට දන්වන්නෙමු. සමිඳාණන් වහන්සේගේ ප්‍රබල ක්‍රියා හා බල මහිමය ද එතුමාණෝ කළ හාස්කම් ද කියාපාන්නෙමු.
ලෝකය මැවුයේ, පොළොවෙන් ඉහළ අහසින් එපිට සිංහාසනයේ වැඩ සිටින තැනැන් වහන්සේ ය. එතුමන්ට ලෝ වැසියන් පෙනෙන්නේ කුරා කුහුඹුවන් සේ ය. මිහිමත වාසය කරන පිණිස එතුමාණෝ අහස ඇතිරිල්ලක් මෙන් විහිදුවා, කූඩාරමක් මෙන් දිගහැර දුන් සේක.