ඔව්හු මොහොතකින් නසිති; ඔවුන් හැම, මැදියම් රෑ එක් ඇසිල්ලකින් නැසී යනු හැක; බලවතෙකු වුව ද පහසුවෙන් පහ ව යනු ඇත.
යෝබ් 36:19 - Sinhala New Revised Version 2018 ඔබේ මොරගැසීම වත්, ශක්තියේ බලය වත් ඔබට පීඩාවෙන් ගැළවීමට ආධාරයක් නොවනු ඇත. Sinhala New Revised Version ඔබේ මොරගැසීම වත්, ශක්තියේ බලය වත් ඔබට පීඩාවෙන් ගැළවීමට ආධාරයක් නොවනු ඇත. Sinhala Revised Old Version දුකට පත් නොවෙන ලෙස නුඹේ වස්තුවවත් නුඹේ ශක්තියේ මුළු බලයවත් සෑහෙන්නේද? |
ඔව්හු මොහොතකින් නසිති; ඔවුන් හැම, මැදියම් රෑ එක් ඇසිල්ලකින් නැසී යනු හැක; බලවතෙකු වුව ද පහසුවෙන් පහ ව යනු ඇත.
දෙවි තුමන්ගේ උදහස නිරතුරු ව ම පවතිනු ඇත; රාහබ් නම් දියරකුසාගේ සහචරයෝ එතුමන් හට අවනත වෙති.
තම විමුක්තිය තමාට ම සාදා ගත නොහැකි ය; ජීවිතය සඳහා මිදීමේ මිලය දෙවියන් වහන්සේට ගෙවීමට ඔහුට නුපුළුවන.
ඒ රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහර දුන්නේ ය. එළිවන විට ඔව්හු සියල්ලෝ ම මළකඳන් වූ හ.
සමිඳාණන් වහන්සේගේ උදහසේ දවසේ දී ඔවුන්ගේ රිදී නිසා වත්, රන් නිසා වත් ඔවුන්ට ගැළවෙන්නට නුපුළුවන. උන් වහන්සේගේ උදහසේ ගින්නෙන් පොළොව විනාශ වන්නේ ය. මිහි පිට වසන සියල්ලන් උන් වහන්සේ හදිසියෙන් නැත්තට ම නැති කරදමන සේක.
ඔබේ රන් රිදී මලකඩ කා ඇත; ඒ මලකඩ ඔබට විරුද්ධ ව සාක්ෂියක් වී, ගින්නක් මෙන් ඔබගේ මාංස කාදමනු ඇත. ඔබ වස්තු ගොඩගසා ඇත්තේ නිම වේගෙන යන යුගයක ය.