Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 9:13 - Sinhala New Revised Version 2018

13 දෙවි තුමන්ගේ උදහස නිරතුරු ව ම පවතිනු ඇත; රාහබ් නම් දියරකුසාගේ සහචරයෝ එතුමන් හට අවනත වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 දෙවි තුමන්ගේ උදහස නිරතුරු ව ම පවතිනු ඇත; රාහබ් නම් දියරකුසාගේ සහචරයෝ එතුමන් හට අවනත වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 දෙවියන්වහන්සේ තමන් උදහස පහකර නොගන්නාසේක; උඩඟු උපකාරකාරයෝ උන්වහන්සේට යටත්වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 9:13
9 හුවමාරු යොමු  

එතුමාණෝ සිය බලවත් බාහුවෙන් දස්කම් පා දිය රකුසා දෙබෑ කළ සේක; සත් සමුදුර නිසල කළ සේක.


“මා පිළිගන්න ජාතීන් අතර මිසරය සහ බබිලෝනිය සඳහන් කරන්නෙමි. ජෙරුසලමේ වැසියන් සමඟ පිලිස්තිය, තීර් සහ එතියෝපියාව යන දේශවල ජනයා ද ගණන් කරන්නෙමි. ‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී යැ’යි මිනිස්සු කියන්නෝ ය.


ඔබ රාහබ් නම් දිය රකුසා කැබලි කොට සුණු විසුණු කරදැමූ සේක; සිය බාහු බලය පා සතුරන් පලවා හළ සේක.


මිසරය දෙන උපකාරයෙන් වැඩක් නැත. ඒ නිසා මා මිසරයට, ‘පඹ මකරා ය’යි කවට නමක් දී ඇත.”


සමිඳුන්ගේ උදහස සෙනඟට විරුද්ධ ව ඇවිළී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට එතුමාණෝ අත ඔසවා ඔවුන්ට පහර දුන් සේක. එවිට කඳු කම්පා වනු ඇත; මැරෙන අයගේ මළකඳන් කුණු කසළ මෙන් වීථිවල දමා තිබෙනු ඇත. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස නිවී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන් ඔසවාගත් තම හස්තය එසේ ම තිබෙනු ඇත.


සමිඳුනි, පිබිදෙන්න; අපට පිහිට වන්න. අතීත පරපුරේ සමයයන්හි මෙන් අවදි වන්න. පුරාණයේ දී ඔබ කළාක් මෙන් ඔබේ බලවත් හස්තයෙන් අප ගළවාගන්න. රාහාබ් නම් දිය රකුසා ද මකරා ද කෑලිවලට කැපුවේ ඔබ නොවන සේක් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්