නැති නම්, මට සවන් දී නිහඬ ව ඉන්න. මම ඔබට ප්‍රඥාව පහදා දෙමි.”
නැත්නම් මට ඇහුම්කන්දී, නිශ්ශබ්දව සිටින්න, මම නුඹට ප්‍රඥාව උගන්වන්නෙමියි කීවේය.
මා කියන හැම දෙය ම අවංක ය, මා මුවින් නික්මෙන දෙය සත්‍ය ය.
කියන්න යමක් ඔබට ඇත්නම්, මට පිළිතුරු දී කතා කරන්න. මාගේ කැමැත්ත නම්, ඔබ නිවැරදි බව පිළිගැනීම ය.
තවදුරටත් එලීහු පිළිතුරු දෙමින්
දරුවෙනි, මට සවන් දෙන්න. සමිඳුන්ට ගරු කිරීමට මම ඔබට උගන්වන්නෙමි.
සැප ජීවිතය භුක්ති විඳීමට යම් කෙනෙක් කැමැති ද? දිගායු වළඳා සුව සම්පත් රස විඳීමට කැමැති ද?
මම නැණවත් සිතුවිලි සිතමි; මම පැණවත් වදන් පවසමි.
අනුවණයෙනි, නුවණ ලබාගන්න, දැනුම්තේරුම් ඇති අය වන්න; මෝඩයෙනි, කල්පනාකාරී වන්න.