ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 33:3 - Sinhala New Revised Version 2018

මා කියන හැම දෙය ම අවංක ය, මා මුවින් නික්මෙන දෙය සත්‍ය ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මා කියන හැම දෙය ම අවංක ය, මා මුවින් නික්මෙන දෙය සත්‍ය ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මාගේ කීම් මාගේ සිතේ අවංකකමින් වන්නේය; මාගේ තොල්ද තමුන් දන්නා දේ පිරිසිදු ලෙස කථාකරන්නේය.

පරිච්ඡේදය බලන්න



යෝබ් 33:3
15 හුවමාරු යොමු  

“සිහි නුවණ ඇති කිසිවෙක් සුළඟක් වැනි පුහු ප්‍රලාප දොඩයි ද? වැදගැම්මකට නැති වචනවලින් සිය සිත් පුරවා ගනු ඇද් ද?


මා මුවින් අසත්‍යයක් වත්, කිසි මුසාවක් වත් නොකියමි.


මම කිසිවෙකුගේ පැත්ත නොගනිමි. මම කිසිවෙකුට ඉච්ඡා බස් නොකියමි.


ඉච්ඡා බස් තෙපලීමට මම නොදනිමි. මා එසේ කළොත් මාගේ මැවුම්කරුවාණන් වහා ම මා ලොවින් තුරන් කරනු ඇත.”


මෙන්න, මම පිළිතුරු දීමට සැරසී සිටිමි. මාගේ වචන දැන් දිව’ග ලෙල දෙයි.


“අනුවණ බස් තෙපලා මාගේ පැණවත් අරමුණු අඳුරු කරන, මොහු කවරෙක් ද?


ඉතින් කරුණාකර මා දෙස බලන්න. ඔබේ මුහුණට ම මම බොරු නොකියමි.


පැණවතාගේ බස් දැනුම පතුරුවයි; අනුවණයාගේ මුවින් මෝඩකම ගලා යයි.


පැණවතුන්ගේ වචන දැනුම පතුරුවාලයි; අඥානයන්ගේ වචනවලින් එවැන්නක් සිදු නොවෙයි.


ලොවෙහි රන්මුතු කොතරම් ඇතත් නැණවත් කියමන දුර්ලභ මැණිකකි.


මන්ද, මම මනා උවදෙස් ඔබට දෙමි; මාගේ ඔවා බස් ඉවත නොදමන්න.