යෝබ් 32:18 - Sinhala New Revised Version 2018 කට පුරා වචන ධාරා ගලා එද්දී, මට කතා නොකර සිටිය හැකි ද? Sinhala New Revised Version කට පුරා වචන ධාරා ගලා එද්දී, මට කතා නොකර සිටිය හැකි ද? Sinhala Revised Old Version මක්නිසාද මම වචනවලින් පිරී සිටිමි; මා තුළ තිබෙන ආත්මය මා පොලඹවන්නේය. |
මට සුවය ලැබෙන ලෙස කතා කිරීමට ඉඩක් නොලැබුණොත් මාගේ හදවත රැස් නොගිය අලුත් මිදි පැන් දැමූ සම් භාජනයක් මෙන් පුපුරා යනු ඇත.
“මා ඔබට වචනයක් කීවොත්, එය ඔබට කරදරයක් වේ ද? අනේ! මා තවත් දුරට නිහඬ ව සිටින්නේ කෙසේ ද?
මාගේ සිත කාංසාවෙන් දෙදරා ගියේ ය; සිතන්න සිතන්න, වැඩි වැඩියෙන් මම කැළඹුණෙමි. තවත් නිහඬ ව සිටීමට බැරි විට, මෙසේ ප්‍රශ්න නොකිරීමට මට බැරි විය:
‘මම සමිඳාණෝ අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි’යි කී විට, ඔබ තුමාණන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි. එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත. එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත් වීමි. එහෙත්, තවත් එය තබාගැනීම මට නොකළ හැකි ය.
ඒ නිසා සමිඳුනි, මම ඔබේ කෝපයෙන් පිරී සිටිමි. එයින් මම වෙහෙසට පත් වී සිටිමි.” එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “වීදිවල සිටින ළමයින් පිටත්, තරුණයන්ගේ රැස්වීම් පිටත් මාගේ කෝපය වගුරන්න. පුරුෂයා භාර්යාව සමඟ ද මහලු අය ඉතා වයස්ගත අය සමඟ ද ගෙනයනු ලබන්නෝ ය.