ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 32:11 - Sinhala New Revised Version 2018

මෙන්න, ඔබේ නැණවත් කතාවට සතුටින් මම සවන් දිනිමි. ඔබේ වාදයට හොඳින් කන් දී සිටියෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙන්න, ඔබේ නැණවත් කතාවට සතුටින් මම සවන් දිනිමි. ඔබේ වාදයට හොඳින් කන් දී සිටියෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මම නුඹලාගේ වචන ගැන බලාසිටියෙමි, කුමක් කිය යුතුදැයි නුඹලා සොයාගන්න තුරු නුඹලාගේ වාදයට ඇහුම්කන්දුනිමි,

පරිච්ඡේදය බලන්න



යෝබ් 32:11
9 හුවමාරු යොමු  

මා උවදෙස් දුන් විට සෙනඟ නිහඬ ව මට සවන් දුන්හ.


වැසි එන තුරු බලා සිටින, පොසොන් වැසි වලා එන විට ප්‍රීති වන ගොවීන් මෙන් ඔව්හු මුව අයාගෙන මට සවන් දුන්හ.


එබැවින් මා වදන්වලට සවන් දෙන්න; මමත් දන්න දේ කියන්නෙමි.


ඔබ තිදෙනා කී දේට මාගේ අවධානය යෙදුවෙමි. එහෙත්, ජෝබ්ගේ තර්ක බිඳීමට වත්, ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට වත් සමතෙක් ඔබ අතර නො වී ය.


එලීහු ඔහුගේ මිතුරන්ට වඩා වයසින් බාල වූයෙන්, ජෝබ්ට පිළිතුරු දීමට ඉදිරිපත් නො වී ය.


කිරි ගසට ඇන්නාක් මෙන් මේවා සැබෑ බව අත්දැකීමෙන් අපි දනිමු. ඔබත් විමසා බලා මේවා ඔබේ යහපතට බව ඔබ ම දැනගන්න.”


උසාවියේ දී විත්තිය හරස් ප්‍රශ්න අසන තුරු පැමිණිල්ල සාධාරණ යයි පෙනේ.


ධනවතා තමන් නැණවතෙකැ යි සිතයි; එහෙත් ඔහුගේ නියම තත්ත්වය දත් දිළිඳා එය වටහාගනියි.