ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 29:25 - Sinhala New Revised Version 2018

මම රැස්වීමේ මූලාසනය ගෙන ඔවුන් ගත යුතු පියවර සකස් කෙළෙමි. සිවුරඟ සෙනඟ පිරිවරා කඳවුරු බැඳගත් රජෙකු මෙන් මම වැජඹෙමින් අසරණයන් සැනසුවෙමි.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම රැස්වීමේ මූලාසනය ගෙන ඔවුන් ගත යුතු පියවර සකස් කෙළෙමි. සිවුරඟ සෙනඟ පිරිවරා කඳවුරු බැඳගත් රජෙකු මෙන් මම වැජඹෙමින් අසරණයන් සැනසුවෙමි.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මම ඔවුන්ගේ මාර්ගය නියමකරදී, ප්‍රධානියාව හිඳ, හමුදාවෙහි රජෙකු මෙන්ද වැලපෙන්නන් සනසන්නෙකු මෙන්ද වාසයකෙළෙමි.

පරිච්ඡේදය බලන්න



යෝබ් 29:25
16 හුවමාරු යොමු  

මගේ රටේ පාලනය මම ඔබට බාර දෙමි. මාගේ සෙනඟ සියලු දෙනා ම ඔබේ කීම අනුව පාලනය කරනු ලබති. මා ඔබට වඩා උසස් වන්නේ හුදෙක් රාජ ධූරයෙන් පමණකි.


පසු ගිය කාලයේ දී, සාවුල් අපේ රජ ව සිටි කාලයෙහි ඉශ්රායෙල්වරුන් සටනට ගෙන ගියේත්, ඔවුන් ආපසු ගෙනාවේත් ඔබ ම ය. සමිඳාණන් වහන්සේ ඔබට කතා කොට, ‘නුඹ මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරමින්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහි ය’යි වදාළ සේකැ”යි කීවෝ ය.


සත්දහසක් බැටළුවෝ ද තුන්දහසක් ඔටුවෝ ද එක්දහසක් ගවමහිෂයෝ ද පන්සියයක් කොටළු දෙන්නු ද ඔහුට වූ හ. ඔහුට දැසිදැස්හු ද විශාල සංබ්‍යාවක් සිටියෝ ය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති අන් කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නො වී ය.


එහෙත්, මම එසේ නොකරමි; මම දිරිය වඩන වචන ම කියමි; එවිට මාගේ අස්වැසිල්ල දිය පාරක් මෙන් ගලා යනු ඇත.


මා මඳහසින් ඔවුන් දෙස බැලූ විට ඔව්හු දිරිගත්හ. මාගේ සොම්නස් මුහුණ දුටු විට ඔවුන්ගේ දොම්නස් බැල්ම පහවිය.


මා ගත් පියවර සියල්ල එතුමාණන්ට කියා සිටින්නෙමි; රාජ කුමාරයෙකු මෙන් එතුමාණන් වෙත යන්නෙමි.


ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර ද ජන නායකයන් ද එක්රැස් වූ විට දෙවිඳාණෝ ඔවුන්ගේ රජ වූ සේක.


එවිට ගිලියද් දේශයේ ප්‍රජා මූලිකයෝ පිළිතුරු දෙමින්, “අප දැන් යළිත් ඔබ ළඟට ආවේ, ඔබ අප සමඟ ගොස්, අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කර, ගිලියද් වැසියන් වන අප සියල්ලන්ට ප්‍රධානියා වන පිණිස යැ”යි ජෙප්තාට කී හ.