යෝබ් 27:18 - Sinhala New Revised Version 2018 දුදනා සාදන ගෙය මකුළු දැල මෙන් ද කෙත රක්නා ගොවියාගේ පැල්පත මෙන් ද වැඩි කල් නොපවතියි. Sinhala New Revised Version දුදනා සාදන ගෙය මකුළු දැල මෙන් ද කෙත රක්නා ගොවියාගේ පැල්පත මෙන් ද වැඩි කල් නොපවතියි. Sinhala Revised Old Version කාවා මෙන්ද පැල් රකින්නා සාදන මඩුවක් මෙන්ද ඔහු තමාගේ ගෙය ගොඩනගයි. |
ජෙරුසලම වනාහි මිදි වත්තක මඩුවක් මෙන් ද කැකිරි වත්තක පැල්පතක් මෙන් ද ආරක්ෂා රහිත වූ වටලනු ලැබූ නගරයක් මෙන් ද යන්තමින් ඉතිරි වී ඇත.
ගලවා, ඉවතදැමූ එඬේර කූඩාරමක් සේ මාගේ ජීවිතය අවසන් වේ යැයි මම සිතුවෙමි. වියන්නා, යන්ත්‍රයේ වියන රෙද්ද අකුළා, කපාදමන සේ දෙවිඳාණෝ මාගේ ජීවිතය එක දවසින් අවසාන කරන සේකැ යි මම සිතුවෙමි.
කාවන් විසින් කාදමන ලද වස්ත්‍රයක් මෙන් ද පණුවන් විසින් කාදමන ලද ලොම් රොදක් මෙන් ද ඔව්හු විනාශ වන්නෝ ය. එහෙත්, මාගේ ගැළවීම සදහටත්, මාගේ ජයග්‍රහණය සියලු පරම්පරාවලටත් පවතින්නේ ය.”
එතුමාණෝ තම මණ්ඩපය වත්තක් මෙන් පාළු කරදැමූ සේක. ස්වකීය රැස්වීම් ස්ථානය විනාශ කළ සේක. සමිඳාණෝ සියොන්හි මංගල්‍ය සහ සබත් දවස මතක නැති කරවූ සේක. තම බලවත් කෝපයෙන් රජු සහ පූජකයා ඉවත් කළ සේක.