Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 51:8 - Sinhala New Revised Version 2018

8 කාවන් විසින් කාදමන ලද වස්ත්‍රයක් මෙන් ද පණුවන් විසින් කාදමන ලද ලොම් රොදක් මෙන් ද ඔව්හු විනාශ වන්නෝ ය. එහෙත්, මාගේ ගැළවීම සදහටත්, මාගේ ජයග්‍රහණය සියලු පරම්පරාවලටත් පවතින්නේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 කාවන් විසින් කාදමන ලද වස්ත්‍රයක් මෙන් ද පණුවන් විසින් කාදමන ලද ලොම් රොදක් මෙන් ද ඔව්හු විනාශ වන්නෝ ය. එහෙත්, මාගේ ගැළවීම සදහටත්, මාගේ ජයග්‍රහණය සියලු පරම්පරාවලටත් පවතින්නේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 මක්නිසාද කාවා ඔවුන් වස්ත්‍රයක් මෙන් කාදමන්නේය, පණුවාද ඔවුන් ලෝම මෙන් කන්නේය. නුමුත් මාගේ ධර්මිෂ්ඨකම සදාකාලයටත් මාගේ ගැළවීම සියලු පරම්පරාවලටත් පවත්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 51:8
12 හුවමාරු යොමු  

නුඹලාගේ ඇස් ඔසවා ඉහළ අහස දෙස බලන්න. පහළ පොළොව දෙස බලන්න. අහස දුම මෙන් පහ වී යන්නේ ය; පොළොව පරණ වස්ත්‍රයක් මෙන් දිරාපත් වන්නේ ය. එහි සිටින සියලු දෙනා ම පණුවන් මෙන් විනාශ වන්නෝ ය. එහෙත්, මා ගෙන දෙන ගැළවීම සදහට ම පවතින්නේ ය. මාගේ යුක්තියට කෙළවරක් නොවන්නේ ය.


මහෝත්තම දෙවි සමිඳාණෝ මට උපකාර කරන සේක. ‘මා වැරදිකරු ය’යි ඔප්පු කළ හැක්කේ කවරෙකුට ද? කාවුන් කාදමන පරණ වස්ත්‍රයක් මෙන් මාගේ විරුද්ධකාරයෝ සියලු දෙන ම අතුරුදහන් වන්නෝ ය.


එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ, පරපුරෙන් පරපුරට පැතිරේ.


එබැවින් මම එප්‍රායිම් සෙනඟට කාවෙකු මෙන් ද ජුදා සෙනඟට පිළිකාවක් මෙන් ද වන්නෙමි.


ඔවුන් පිට වී යන විට මට විරුද්ධ ව වරද කළ අයගේ මළකඳන් දකිනු ඇත. ඔවුන් කාදමන පණුවෝ කිසි කලක නොමැරෙති. ඔවුන් දවාලන ගින්න කිසි කලක නොනිවේ. ඔව්හු සියලු දෙනාට පිළිකුලක් වන්නෝ ය. මෙසේ වදාළේ සමිඳාණන් වන මම ය.”


එසේ නම්, පොළොවේ දූවිල්ලෙහි තනන ලද මැටි ගෙවල වසන අය ගැන කියනුම කවරේ ද? ඔව්හු කාවුන් මෙන් පොඩි කරනු ලබති.


ගැළවීමේ දවස මම ළඟා කරන්නෙමි. එය වැඩිදුර නොවේ; මාගේ ජය ප්‍රමාද නොවේ. මම ජෙරුසලමට ගැළවීම ගෙන දී මාගේ ගෞරවය ඉශ්රායෙල්වරුන්ට පවරන්නෙමි.”


එහෙත්, ඉශ්රායෙල්වරු සමිඳුන් විසින් ගළවනු ලැබූ හ. ඔවුන්ගේ ජයග්‍රහණය සදහට ම පවතින්නේ ය. සෙනඟ ලජ්ජාවටත්, නින්දාවටත් කිසි කලක නොපැමිණෙති.


ඒ නිසා මාගේ දිවිය දිරා ගිය ලීයක් මෙන් ද කාවුන් කෑ කබායක් මෙන් ද දුබල වී ඇත.


වීණාවල වාදනයෙන් එක් කලක් ඔබ ගරු කරනු ලැබුවෙහි ය. එහෙත් දැන්, ඔබ සිටින්නේ පාතාල ලෝකයේ ය. ඔබ වැතිර සිටින යහන ඉහඳ පණුවන්ගෙන් පිරී ඇත; ඔබේ පොරෝණය ද පණුවන්ගෙන් ගහණ ය.


“නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්ම මට සිහි වේ. ඒ කාලයේ ඇති වූවාක් මෙන් නුඹ කෙරෙහි උදහස් නොවන බවටත්, නුඹට තරවටු නොකරන බවටත් මම දිවුරුම් දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්