“දුදනෝ ජලය මත පාවෙන කුණු රොඩු වැන්න; ඔවුන් සතු වතුපිටිවල දේව සාපය ඇත. ඔව්හු තවත් මිදි වත්තේ වැඩට නොයති.
යෝබ් 24:6 - Sinhala New Revised Version 2018 ඔව්හු අන් අය සතු කෙත් වතුවලින් අස්වැන්න රැස් කරගනිති; දුදනන්ගේ මිදිවතුවලින් මිදි පල නෙළාගනිති. Sinhala New Revised Version ඔව්හු අන් අය සතු කෙත් වතුවලින් අස්වැන්න රැස් කරගනිති; දුදනන්ගේ මිදිවතුවලින් මිදි පල නෙළාගනිති. Sinhala Revised Old Version ඔව්හු කෙතේ කටුසර බෝග කපාගනිති; දුෂ්ටයාගේ මිදිවත්තේ ඉතිරි ඵලද අවුලාගනිති. |
“දුදනෝ ජලය මත පාවෙන කුණු රොඩු වැන්න; ඔවුන් සතු වතුපිටිවල දේව සාපය ඇත. ඔව්හු තවත් මිදි වත්තේ වැඩට නොයති.
දිළින්ඳෝ වල් කොටළුවන් විලසින් මරුකතරෙහි කෑම සොයා ඔබමොබ යති. අන් කිසි තැනකින් දුප්පතුන්ට කෑම සොයාගන්නට බැරිය.
නුඹලා වපුරන නමුත්, අස්වැන්න කපා නොගන්නහු ය. ඔලීව පල මඩින නමුත්, තෙල ඇඟ ගල්වා නොගන්නහු ය. මිදි පල මිරිකන නමුත්, මිදියුස නොබොන්නහු ය.
ඔබේ ශ්‍රමය සහ වතුපිටිවල පලදාව ඔබ නොහඳුනන ජාතියක් භුක්ති විඳින්නේ ය. ඔබ නිතර ම පීඩා කරනු ලැබ, තැළී පොඩි වී යන්නහු ය.
ඔව්හු ඔබ වැනසී යන තුරු ඔබේ ගොවිසම්පත ද ගෙවතුවල පලදාව ද කාදමන්නෝ ය. ඔබට ධනධාන්‍ය හෝ මිදියුස හෝ තෙල් හෝ එළු බැටළු පැටවුන් හෝ ගව පට්ටි හෝ ඉතිරි නොකරන්නෝ ය.