යෝබ් 24:10 - Sinhala New Revised Version 2018 කය වැසුමට වත්කමක් නැති ව, නග්න ව ඒ අසරණයෝ ගමන් කරති. ඔව්හු අස්වැන්න නෙළුවත් සාගින්නෙන් පෙළෙති. Sinhala New Revised Version කය වැසුමට වත්කමක් නැති ව, නග්න ව ඒ අසරණයෝ ගමන් කරති. ඔව්හු අස්වැන්න නෙළුවත් සාගින්නෙන් පෙළෙති. Sinhala Revised Old Version එබැවින් ඔව්හු ඇඳුම් නැතුව නග්නව ඇවිදිති, සාගින්නෙන් යුක්තව ගොයම් මිටි ගෙනයති; |
“ඔබ කෙතේ අස්වැන්න නෙළාගත් පසු, ගොයම් මිටියක් අමතක වුණොත් එය ගැනීමට ආපසු නොයන්න. එය විදේශිකයන්ට ද අනාථයන්ට ද වැන්දඹුවන්ට ද අයිති විය යුතු ය. ඔබ මෙසේ කළොත්, ඔබේ සියලු වැඩපලවල දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.
බලන්න, ඔබගේ කෙත් වතුවල අස්වැන්න නෙළූ ගොවීන්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධ ව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිඳාණන් වහන්සේගේ කන්වල වැටෙන්නේ ය.