යෝබ් 22:5 - Sinhala New Revised Version 2018 එසේ වන්නේ, ඔබ ඉතා නපුරු මිනිසෙකු බැවිනි. ඔබේ දුෂ්ටකම නිම් හිම් නැති බැවිනි. Sinhala New Revised Version එසේ වන්නේ, ඔබ ඉතා නපුරු මිනිසෙකු බැවිනි. ඔබේ දුෂ්ටකම නිම් හිම් නැති බැවිනි. Sinhala Revised Old Version නුඹේ දුෂ්ටකම මහත්ව තිබෙනවා නොවේද? නුඹේ අයුතුකම්වලට කෙළවරක් නැත. |
එවිට එතුමාණන් තමන් ප්‍රඥාව නන් වැදෑරුම් බවත්, මිනිස් මනසින් දත නොහැකි ගැඹුරු දේ තිබෙන බවත් ඔබට පෙන්වනු ඇත. දෙවියන් වහන්සේ ඔබට දී ඇත්තේ දිය යුතු දඬුවමට අඩුවෙන් බව දැනගන්න.
එවිට රාම්ගේ පෙළපතේ බූසීය බාරකෙල්ගේ පුත් එලීහුගේ කෝපාග්නිය ඇවිළිණි. ජෝබ්ට විරුද්ධ ව ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ, ජෝබ් තමා නිවැරදි බවත්, දෙවියන් වහන්සේ වැරදි බවත් කියා පෑ බැවිනි.
ඔහුගේ මිතුරන් තුන්දෙන ද ජෝබ් කෙරේ වරද තැබූ නමුත්, ඔහුට පිළිතුරු දීමට අසමත් වූ බැවින් ඔවුන්ට විරුද්ධ ව ද ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ ය.
එහෙත් දැන්, ඔබ දුදනන් සාධාරණ ලෙස විනිශ්චය නොකරන්නෙහි ය. විනිශ්චයයට හා සාධාරණකමට ගරු නොකරන්නෙහි ය.
මම දහස් ගණන් උවදුරින් වට වී සිටිමි. හිස එසවීමට බැරි තරම් මාගේ පව් මා පිට පැමිණ ඇත. ඒවා මාගේ හිසකේවලට වඩා වැඩි ය. මාගේ සිතට දිරියක් නැත.