ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 22:27 - Sinhala New Revised Version 2018

ඔබ එතුමාණන්ට යැදුම් පුදන විට එතුමාණෝ සවන් දෙන සේක. ඔබ ද ඔබේ බාරහාර ඉටු කරනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබ එතුමාණන්ට යැදුම් පුදන විට එතුමාණෝ සවන් දෙන සේක. ඔබ ද ඔබේ බාරහාර ඉටු කරනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹ උන්වහන්සේට යාච්ඤාකරන කල උන්වහන්සේ නුඹට උත්තර දෙනවා ඇත; නුඹද නුඹේ භාර ඉෂ්ටකරනවා ඇත.

පරිච්ඡේදය බලන්න



යෝබ් 22:27
22 හුවමාරු යොමු  

එහෙත්, ජෙහෝවාහාස් සමිඳාණන් වහන්සේට කන්නලව් කළ විට, සමිඳාණන් වහන්සේ ඔහුට ඇහුම්කන් දුන් සේක. මන්ද, සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට පීඩා කරන විට ඔවුන්ට පැමිණි පීඩාව සමිඳාණන් වහන්සේ දුටු සේක.


ජාබෙශ් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට, “අහෝ, ඔබ මට ආශීර්වාද කර, මාගේ සීමාව විශාල කර, ඔබේ අතින් මට පිහිට වී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනව”යි කීවේ ය. දෙවියන් වහන්සේ ද ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කළ සේක.


උන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ඔහුට සවන් දී ඔහුගේ කන්නලව්ව අසා ජෙරුසලමටත්, ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවූ සේක. එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බව මනස්සේ දැනගත්තේ ය.


ඔබේ සිත හරි මඟ යවන්න; දොහොත් මුදුන් දී දෙවිඳුන් වෙත හැරෙන්න.


ඔහු සව් බලැති දෙවි තුමන් කෙරෙහි ප්‍රීති වන්නේ ද? එතුමන්ට නිරතුරු යැදුම් පුදනු ඇද් ද?


ඔහු දෙවිඳුන්ට අයැදින විට එතුමාණෝ ඔහුට පිළිතුරු දෙන සේක. එවිට ඔහු ප්‍රීතියෙන් එතුමාණන් නමදින්නේ ය. දෙවි තුමාණෝ යළි ඔහු දැහැමිකමට පමුණුවන සේක.


ඔව්හු දිළිඳුන්ගේ මොරගැසීම එතුමාණන් වෙත නැඟී එන්නට සැලැස්වූ හ, දුගී ජනයාගේ අයැදුමට එතුමාණෝ සවන් දුන් සේක.


ඔබ නිදොස් ව, අවංක ව සිටින්නෙහි නම්, සැබැවින් එතුමාණන් ඔබ වෙනුවෙන් පිබිද, ඔබේ දැහැමි නිවෙසට ආසිරි වස්වනු ඇත.


සමිඳාණන් වහන්සේට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක.


එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර මම ඉටු කරන්නෙමි.


දෙවිඳුනි, ඔබට පොරොන්දු වූ බාරහාර මම ඉටු කරන්නෙමි; ඔබට තුති පූජා පුදන්නෙමි.


අහෝ දෙවිඳුනි! ඔබ මාගේ බාර හාරවලට සවන් දුන් සේක. ඔබේ නාමයට ගරුබිය පාන අයගේ උරුමය මට දුන් සේක.


ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.


ඔබ දෙවියන් වහන්සේට බාරහාර වන විට එය ගෙවන්නට පමා නොවන්න. මන්ද, උන් වහන්සේ අඥානයන්ට කැමැති නැත.


එකල නුඹලා යාච්ඤා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. මට නුඹලා හඬ නඟන විට ‘මම මෙහි ය’යි පිළිතුරු දෙන්නෙමි. නුඹලා අනුන්ට කරන බලහත්කාරකම් ද අනුන් හෙළා දැකීම ද නපුරු ලෙස කතා කිරීම ද නුඹලා වෙතින් පහ කරන්නහු නම්,


එවිට නුඹලා මට කන්නලව් කරන්නහු ය; අවුත් මට යාච්ඤා කරන්නහු ය; මම ද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි.


එහෙත්, මම තුති මුවින් පූජා ඔප්පු කරන්නෙමි. බාර වූ දේ ගෙවන්නෙමි. ගැළවීම සමිඳුන්ගෙන් ය.”


“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ බාරයක් පොරොන්දු වූ විට, එය ඉටු කිරීමට පමා නොවිය යුතු ය. උන් වහන්සේ එය ඔබෙන් බලාපොරොත්තු වීම සහතික ය. එසේ නොකළොත් එය ඔබට පාපයකි.