යෝබ් 22:19 - Sinhala New Revised Version 2018 දැහැමියෝ ඒ දැක සන්තෝෂ වෙති; නිදොස් අය ඔවුන්ට අපහාස කොට සරදමින් මෙසේ කියති: Sinhala New Revised Version දැහැමියෝ ඒ දැක සන්තෝෂ වෙති; නිදොස් අය ඔවුන්ට අපහාස කොට සරදමින් මෙසේ කියති: Sinhala Revised Old Version ධර්මිෂ්ඨයෝ ඒ දැක සන්තෝෂවෙති; නිර්දෝෂ අය අපහාසයෙන් ඔවුන්ට සිනාසී: |
ඔබේ සාධාරණ විනිසයන් නිසා සියොන් කන්දේ වැසියෝ සතුටින් පිනා යත් වා! ජුදාහි නුවරවල ප්‍රීති ගීත ඇසේ වා!
පවිටුන්ට දඬුවම් ලැබෙන විට දැහැමියා ප්‍රීති ප්‍රමෝද වන්නේ ය. දුදන ලෙයින් ඔහු තම පා සෝදා ගන්නේ ය.
දැහැමියා, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වී එතුමාණන් සරණ සොයා යන්නේ ය; අවංක සිතැති තැනැත්තා ප්‍රීතියෙන් පිරී යන්නේ ය.
සියොන් කන්ද ඊට සවන් දී තුටින් ඉපිලේ වා! සමිඳුනි, ඔබේ දේව පරිපාලනය නිසා ජුදාහි නගර සතුටු වේ වා!
දැහැමි අයට සෙත සැලසෙන විට නගරය ප්‍රීති වෙයි; නොදැහැමියන් නසින විට නගරය ඔල්වර හඬ නඟයි.
ස්වර්ගයෙනි, සැදැහැවතුනි, අපෝස්තුළුවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීති වන්න! මන්ද, ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.