එහෙත්, නුඹේ පිය දාවිත් නිසා මම නුඹේ කාලයේ දී එය නොකොට, නුඹේ පුත්‍රයාගේ අතින් එය පැහැර ගන්නෙමි.
යෝබ් 17:5 - Sinhala New Revised Version 2018 සිය වාසිය පිණිස මිතුරන් පාවා දෙන මිනිසාගේ දරුවන් දුක් විඳිනු ඇත. Sinhala New Revised Version සිය වාසිය පිණිස මිතුරන් පාවා දෙන මිනිසාගේ දරුවන් දුක් විඳිනු ඇත. Sinhala Revised Old Version තමාගේ මිත්‍රයන් කොල්ලයක් පිණිස පාවාදෙන යමෙක් ඇද්ද, ඔහුගේ දරුවන්ගේ ඇස් පවා ක්ෂයවී යනවා ඇත. |
එහෙත්, නුඹේ පිය දාවිත් නිසා මම නුඹේ කාලයේ දී එය නොකොට, නුඹේ පුත්‍රයාගේ අතින් එය පැහැර ගන්නෙමි.
එහෙත්, දුදනන්ගේ ඇස් නොපෙනී යයි; ගැළවීමේ මඟක් ඔවුන්ට නැත. ඔවුන්ට ඇති එක ම පැතුම මරණය වේ.”
නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.
නොලැබෙන උපකාර ගැන බලා සිටීමෙන් අපේ ඇස් තවත් අඳුරු වී යන්නේ ය. ගළවන්න බැරි ජාතියක් ගැන මුර කුලුණු උඩ අපි බලා සිටියෙමු.
“නුඹලා අසල්වැසියාගෙන් අයුතු ලෙස වාසි නොගත යුතු ය. ඔහුගෙන් කොල්ලකෑම යුතු නැත. කම්කරුවාගේ වේතනය ඔහුට නොදී පසුදා උදේ වන තුරු එය නුඹලා ළඟ තබා නොගත යුතු ය.
සෙනඟ අතර ගතු කේලාම් දොඩමින් ඔබමොබ නොයා යුතු ය. යමෙකු මරණයට තීන්දු විය හැකි නඩුවක දී, නුඹේ සාක්ෂියෙන් ඔහුගේ පණ බේරාගැනීමට ඉඩ තිබේ නම්, එය කියා පෑ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
මෙකී ජාතීන් අතර ඔබට කිසි පහසුවක් නොවන්නේ ය. ඔබේ පයට විවේකයක් නොවනු ඇත. එහි දී සමිඳාණන් වහන්සේ ඔබේ හද කම්පා කරන සේක; නෙත අඳුරු කරන සේක; සිත දුක් ගන්වන සේක.
ඔබ දන්නා පරිදි අප කිසි කලෙක ඉච්ඡා වචන ව්‍යවහාර කළේත්, අපගේ තණ්හාව සැඟවීමට උපා යෙදුවේත් නැත. ඒ බවට දෙවියන් වහන්සේ සාක්ෂි දරන සේක.