මට විරුද්ධ ව අලුත් සාක්ෂි ඔබ ඉදිරිපත් කරන සේක. මා කෙරේ ඔබේ උදහස තව තවත් වැඩි කරන සේක. පහර පිට පහර මට එල්ල කරන සේක.
යෝබ් 16:8 - Sinhala New Revised Version 2018 ඔබ මා කය පොඩි කර ඇත; මම ඇටකටු ගොඩක් පමණි. එය මා වැරදිකරු බවට සාක්ෂි දෙයි. Sinhala New Revised Version ඔබ මා කය පොඩි කර ඇත; මම ඇටකටු ගොඩක් පමණි. එය මා වැරදිකරු බවට සාක්ෂි දෙයි. Sinhala Revised Old Version ඔබ මා අල්ලාගත්සේක, ඒක මට විරුද්ධව සාක්ෂියක්ය. මාගේ කෙට්ටුකම මට විරුද්ධව නැගිටියි, ඒක මාගේ මුහුණ ඉදිරියෙහි සාක්ෂිදෙයි. |
මට විරුද්ධ ව අලුත් සාක්ෂි ඔබ ඉදිරිපත් කරන සේක. මා කෙරේ ඔබේ උදහස තව තවත් වැඩි කරන සේක. පහර පිට පහර මට එල්ල කරන සේක.
සව් බලැති සමිඳුන් බලසම්පන්න සෙබළුන්ට දඬුවම් කරන පිණිස රෝග එවන්න අදහස් කර ඇත. ඔවුන්ගේ සිරුර තුළ නොනිවී ඇවිලෙන ගින්නක් හටගන්නේ ය.
පොළොවේ සීමාන්තවලින් ධර්මිෂ්ඨ දේශය වන ඉශ්රායෙල් සම්බන්ධයෙන් නඟන ප්‍රශංසා ගී අපට ඇසෙන්නේ ය. එහෙත්, මම කතා කොට, “මට බලාපොරොත්තුවක් නැත; මම ක්ෂය වෙමි; ද්‍රෝහියෝ මා පාවා දෙති. ඔවුන්ගේ ද්‍රෝහිකම දෙගුණ තෙගුණ වේ ය”යි කියමි.
එය තේජාන්විත සභාවක් වශයෙන් කැළලක් වත්, රැල්ලක් වත්, එබඳු කිසිවක් වත් නැති ව විශුද්ධ ව, නිකෙලෙස් ව, තමන්ට ම ප්‍රදානය කරගැනීමට ය.
මා මෙයින් පිට වී යන විට සියලු දෙයින් පරිපූර්ණ වී සිටියෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේ හිස් අතින් මා ආපසු ගෙනවුත් තිබේ. සමිඳාණන් වහන්සේ මට විරුද්ධ වී සර්ව පරාක්‍රමයාණන් මට පීඩා කර තිබිය දී මට වාසනාවන්තී යැයි කියන්නේ මන් ද?”